Wednesday, October 10, 2012

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දු පුරවැසි අයිතිය සහ පාර්ලිමේනතු වරප්‍රසාද නැවත උල්ලංඝණය කරන්න එපා-චමල් රාජපක්ෂ


දිවි නැඟුම පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පාර්ලිමේන්තු මහලේකම්වරයාට දැනුම්දීම ව්‍යවස්ථානුකූල නොවන බව කතානායක චමල් රාජපක්ෂ මහතා පවසයි. 

එබැවින් මින් ඉදිරියට පාර්ලිමේන්තුවට අදාළ නියෝග නිකුත් කිරීමේ දී පුරවැසි අයිතිය සහ පාර්ලිමේන්තු වරප්‍රසාද උල්ලංඝනය නොවන ආකාරයට අධිකරණ තීන්දු නිකුත් කරන ලෙසට කතානායකවරයා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලීමක් කළේය. 

දිවි නැඟුම පනත් කෙටුම්පත මේ වනවිට සියළුම ස්ථාපිත පළාත්සභාවලින් සම්මත වී ඇතැයි අදාළ පළාත්සභාවල ආණ්ඩුකාරවරු විසින් ජනාධිපතිවරයා වෙත දැනුම් දී ඇති බවට පාර්ලිමේන්තුව දැනුවත් කරමින් කතානායකවරයා මේ බව සඳහන් කළේය. 

මීට ඉහත දී මෙම දිවි නැඟුම පනත් කෙටුම්පත ප්‍රථමයෙන් පළාත් සභාවලින් සම්මත කරගන්නා ලෙස ශේෂ්ඨාධිකරණය විසින් නියෝගයක් නිකුත් කරනු ලැබීය. 

ඒ අනුව දිවි නැඟුම පනත් කෙටුම්පත යළි පාර්ලිමේන්තුවට ගෙන ඒම සඳහා සියලු කටයුතු සූදානම් කර ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සදහන් කරයි.

No comments:

Post a Comment