Friday, November 4, 2011

රජය ව්‍යාපාර ගැන දන්නේ නැ.

රාජ්‍ය නිළධාරීන් ව්‍යාපාර කරන්න දන්නේ නැති නිසා පුද්ගලික අංශයේ අයව අරන් සමූපකාරයේ ලාභය වැඩි කරන බව සමූපකාර හා අභ්‍යන්තර වෙළඳ අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු පවසයි. අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද කොළඹදි පැවති සමූපකාර සේවක ආයතන සංග්‍රහය පිළිබඳ දැනුවත් කිරිමේ වැඩමුළුවක් අමතමිනි.

"අපි මහ විනාශයක් කරා යනවා. තව අවුරුදු 5කින් ආපහු බලන්න වෙන්නේ කෝටි කීයක් අපි ණය වෙලා ද කියලා. රාජ්‍ය නිලධාරි මේ ව්‍යාපාර ගැන දන්නේ නැ. එහෙමනම් රාජ්‍ය නිලධාරීන්ව දාන්න පුළුවන් ව්‍යාපාර කරන්න. රාජ්‍ය නිලධාරි ඉන්නේ පරිපාලනය කරන්න. අපි තීන්දුවක් අරන් තියෙනවා ජාතික මණ්ඩලය හරහා ඒවට අවශ්‍ය කරන පුද්ගලික අංශයේ අයව ගන්න. ණය අරගෙන ව්‍යාපාරයක් කරලා ලාභ ලබන්න පුද්ගලික අංශයේ අයව ගන්න. ණය අරගෙන ව්‍යාපාරයක් කරලා ලාභ ලබන්න පුද්ගලික අංශයට පුළුවන් නම් ඇයි සමූපකාරයට බැරි"
මේ අනුව ඉදිරියේදී සමූපකාරය ව්‍යාපාර කරන බවත් ඒවා ලාභගැනීමේ ක්‍රමය ජනධිපති තුමාගේ උපදෙස් පරිදි ක්‍රියාත්මක කරන බවත් සමූපකාර හා අභ්‍යන්තර වෙළඳ අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු  වැඩිදුරටත් පැවසූයේය.

නමුත් රජයම මේදිනවල පාඩු ලබන පෞද්ගලික ආයතන රජයට පවරා ගෙන දියුණු කිරීමේ පනතක් පාර්ලිමේන්තුවට ගෙන ඒමට සැරසෙන අතර ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ මෙම මතය සමග එය පරස්පරතාවයක් දැකිය හැකියි.

No comments:

Post a Comment