Wednesday, October 19, 2011

අපිට රුසියන් සපත්තු ලොකුවැඩියි චීන සපත්තු පොඩි වැඩියි


ආ මග සහ යායුතු මග නමින් සම්මන්ත‍්‍රණ මාලාවක් ජනතා විමුක්ති පෙරමුණ විසින් දිවයින පුරා පැවැත්වීමට තීරණය කර තිබෙනවා.

පක්‍ෂයක් ලෙස පසුගිය කාලසීමාව තුළ ගත් දේශපාලනමය තීන්දු පිළිබඳ මහජනතාව  දැනුවත් කිරීම අරමුණු කොට ගත් මෙම දේශණ මාලාව කුරුණෑගලින් ආරම්භ කොට ඇත. වත්මන් දේශපාලන අභියෝග හමුවේ රට යා යුතු ව ඇති සමාජවාදී සමාජ පරිවර්ථනය පිළිබඳ ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා කුරුණෑගල Y.M.B.A. ශාලාවේදී වැඩිදුරටත් මෙසේ ප්‍රකාශ කළේය.

“මහින්ද රාජපක‍ෂ මහතා ඡන්ද දිනන ක්‍රමයක් හොයාගෙන තියෙනවා. ඒ ප්‍රජාතන්ත්‍ර විරෝධි ලෙස ජනතාව රවට්ටමින් හා අල්ලස් දීමෙනුයි. ‘මගේ මව්බිම’ යැයි කියමින්, දේශප්‍රේමය ගැන කතා කරමින් ආණ්ඩුව  මව්බිම පර්චස් ගණනින් බහුජාතික සමාගම්වලට පවරමින් ඉන්නවා. ආණ්ඩුව උත්සාහ කරන්නේ ජනතාවට හීන ලබාදෙමින් ඡන්ද දිනන්නයි. ඒ සඳහා බොරු සංවර්ධනයක් මවාපානවා. මෙය ජනතාවගේ ජීවිත තුළ කිසිදු සංවර්ධනයක් සිදුවෙලා නැහැ. සංවර්ධනය වී ඇත්තේ රටේ සහ  ජනතාවගේ ණය බරයි. අවුරුදු 63 තුළ සංවර්ධනය වූයේ පවුල් කිහිපයක් සහ ඒ වටා සිටි හෙංචයියන් අත්ළොස්සක් පමණයි. දැන් ආණ්ඩුව සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය සඳහා යැයි කියමින් රටේ ආර්ථීක, පරිසරය, සදාචාරය පරදුවට තබා තිඛෙනවා. කැසිනෝ වීදි සහ නිරුවත් වෙරළ තීර ඇරඹෙන්නේ ඒ වෙනුවෙනුයි. මේක ලොව පුරා ජරාජීර්ණ වෙමින් පවතින ධනවාදයේ ගමන් මගයි. එයට ජනතාව පෙළෙන ප්‍රශ්නවලට පිළිතුරු සෙවිය නොහැකියි. ධනවාදය වසර 500ක් පුරා ලෝකය තුළ පැවත තිඛෙනවා. ධනවාදය විද්‍යාවේ හා තාක‍ෂණයේ දැවැන්ත සොයාගැනීම් කරමින් සිටියත් එය ජනතාවගේ ප්‍රශ්න විසඳීමට සමත් නැහැ. එය හැම තත්පර 4කට වරක්ම ලෝකයේ දරුවෙක් කුසගින්නේ තබා මරාදමන තරමට දුෂ්ටයි.

රෝහණ විෙජ්වීර සහෝදරයා පක‍්ෂයක් නිර්මාණය කළේ, ලංකාවේ සමාජවාදය පිහිටුවා ජනතාව විඳින ප්‍රශ්නවලින් ඔවුන් මුදා ගැනීමටයි. අපේ රටේ ජනතාව සමාජවාදයේ හිරුකිරණ දකින තෙක් අත්වැල් බැදගෙන සිටින්නේ ජනතා විමුක්ති පෙරමුණ සමගයි.

රෝහණ විෙජ්වීර සහෝදරයා ලංකාව තුල පැල කලේ ශ්‍රී ලංකාව තුල සමාජවාදය සෑදිය හැකි නිවැරදි ක්‍රමය. ඔහු එදා කීවිවේ රුසියානු සපත්තු අපිට ලොකු වැඩියි, චීන සපත්තු අපිට පොඩි වැඩියි. අපි අපිට ගැලපෙන සපත්තුවක් මසා ගත යුතුය යන්නයි. ලාංකීය සමාජවාදය සදහා ක්‍රමවේදය එනම් ජනතා විමුක්ති පෙරමුණ කට්ටිවාදීන්ට විනාශ කල නොහැකි බවද ප්‍රකාශ කළේය.
 

No comments:

Post a Comment