Sunday, October 9, 2011

ජවිපෙ විරෝධී පිලේ අභ්‍යන්තර ගැටුමක්

පසුගිය දිනවල ජවිපෙ විරෝධීපිලට සාමාජිකයන් බදවා ගනු ලද්දේ ජනතා විමුක්ති පෙරමුණ වෙනත් පක්ෂ සමග සන්ධාන ගත වේ යැයි ව්‍යාජ භීතියක් ගෙනහැර දක්වමිනි. 
පසුගිය පලාත් පාලන මැතිවරණයට අදාළව ජනතා විමුක්ති පෙරමුණ සීනුවෙන් මැතිවරණවලට තරග කල යුතු යැයි එහි මධ්‍යම කමිටුව තීරණය කරනලද්දේ ඒකමතිකවය. ඒ ගිය අවුරුද්දේ අග භාගයේදීය. එතැන් සිට අද දක්වා ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභාව තුල  වෙනත් දේශපාලන පක්ෂ සමග සන්ධාන ගත විය යුතු යැයි කිසිදු යෝජනාවක් ඉදිරිපත් වී නැතත් ජවිපෙ විරෝධී පිලේ නායකයන් තම සාමාජිකයන් බිලි බා ගන්නේ ජවිපෙ සන්ධාන වලට යන බව පවසා ඊට එරෙහිව මතවාදී අරගලයක් කල යුතු බව සදහන් කරමිනි.
නමුත් එසේ ව්‍යාජ කරුණු ඉදිරිපත් කර ජවිපෙ විරෝධීපිලට බදවා ගන්නා සාමාජිකයන්ට ජවිපෙ විරෝධීපිලේ නායකයන් විසින් ජනතා විමුක්ති පෙරමුණේ වත්මන් නායකයන් පිළිබද ව්‍යාජ තොරතුරු මඩ සහ ද්වේශ සහගත ප්‍රකාශයන් ඉදිරිපත් කරනු ලබයි. මෙ‍ම ව්‍යාජ ද්වේශ සහගත ප්‍රකාශයන්ට එරෙහිව ශිෂ්‍ය සංගමයෙන් සහ ජනතා විමුක්ති පෙරමුණේ මාධ්‍ය ඒකකයෙන් ජවිපෙ විරෝධීපිලට එක් වූ පිරිසක් තම විරෝධය දක්වා ඇත.

No comments:

Post a Comment