Saturday, September 15, 2012

නැගෙනහිරට සර්වපාක්ෂික ආණ්ඩුවක් කොමියුනිස්ට් පක්ෂයෙන් යෝජනාවක්


නැගෙනහිරේදී සර්වපාක්‍ෂික ආණ්ඩුවක් පත්කිරීම සම්බන්‍ධයෙන් අවධානය යොමුකළ යුතුයැයි ශ්‍රී ලංකා කොමියිනිස්ට් පක්‍ෂය රජයෙන් ඉල්ලා තිබේ.
නැගෙනහිර පළාතයෙහි ආණ්ඩුවක් පත්කිරීමේදී ඇතිවී තිබෙන අර්බුදකාරි තත්වය වාසිදායකව භාවිතාකරගත යුතුයැයි ද විපක්‍ෂයන් සමඟ එක්වී සර්පාක්‍ෂික ආණ්ඩුවක් පත්කිරීම කෙරෙහි රජය අවධානය යොමුකළ යුතුයැයි කොමියිනිස්ට් පක්‍ෂය අවධාරණය කර තිබේ.


සර්වපාක්‍ෂික පළාත් සභා පාලන ක්‍රිමය මඟින් දැනට ක්‍රියාත්මක කරගෙන යන ජාතික සහජීවන වැඩ කටයුතුවලට සහයෝගයක් වනු ඇතයි පෙන්වාදී තිබේ.

නැගෙනහිර පළාත සභාවෙහි පක්‍ෂ පහක් ආසන හිමිකරගෙන ඇති බවත් එම පක්‍ෂයන් එක්වී ආණ්ඩුවක් පත්කළ යුතු බව වමාංශික පක්‍ෂවල අපේක්‍ෂාව බවද අමාත්‍ය ටි යූ ගුණසේකර මහතා පවසා තිබේ.

No comments:

Post a Comment