Saturday, September 15, 2012

දුමින්ද සිල්වා කටුනායක ගුවන්තොටුපලට එන තෙක් හිරුණිකා සටන අතහරී


දුමින්දු සිල්වා කටුනායක ගුවන්තොටුපොළෙන් ලංකාවට ගොඩබසින මොහොතේ සිට තම පියාට සාධාරණය ඉටුකර ගැනීම සඳහා සෑබෑ සටනක් අරඹන බව හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනවිය විසින් පවසා ඇත.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇය වැඩිදුරටත් පවසා ඇත්තේ, දුමින්ද සිල්වා ගුවන්තොටුපොළේදීම අත්අඩංගුවට ගැනීම සඳහා මේ වනවිටත් අධිකරණය නියෝගයක් ලබාදී ඇති බැවින් පොලීසිය හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එම නියෝගය ක්‍රියාත්මක කරනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බවයි.

එසේ නොවුණහොත් සැබෑ සටන එතැනින් ආරම්භවනු ඇති බව ඇය විසින් තවදුරටත් පවසා තිබේ. මෙම සටන ඉතා ප්‍රභල සටනක් විය හැකි බවත් රටම එම දිනය තෙක් බලා සිටිනු ඇතැයිද ඇය අවධානය කලාය.

No comments:

Post a Comment