Saturday, September 15, 2012

බ්‍රිතාන්‍ය රජ පවුලේ නිරුවත් ඡායාරූප වල ඉල්ලුම නැවත ඉහලට


බ්‍රිතාන්‍යෙය් රජපවුලේ සාමාජිකයින්ගේ නිරුවත් ජායාරූපවල ඉල්ලුම නැවත වරක්  ඉහල ගොස් තිබේ. විලියම් කුමරුගේ මලනුවන් වන හැරී කුමරුගේ නිරුවත් ඡායාරූප කිහිපයක් ද මාධ්‍ය මඟින් මීට පෙරද ප‍්‍රසිද්ධ කෙරුණු අතර නවතම සිදුවීම වන්නේ බි‍්‍රතාන්‍යයේ  කේම්බි‍්‍රජ් ආදිපාද විලියම් කුමරුගේ ආර්‍යාව වන කේට් කුමරියගේ උඩුකය නිරුවත් ඡායාරූප කිහිපයක් ප‍්‍රංශ සඟරාවක් ඊයේ දිනයේ ප‍්‍රකාශයට පත්කර තිබීමයි.

එම ඡායාරූප ලබාගෙන ඇත්තේ විලියම් කුමරු සහ කේට් කුමරිය ප‍්‍රංශයේ
නිවාඩුවක් ගත කරමින් සිටියදීයි. එතරම් පැහැදිලි ඒවා නොවන එම ඡායාරූප දුර සිට ලබාගෙන ඇත. කෙසේවෙතත් ඡයාරූපවල සිටින්නේ කේට් කුමරියම බව හඳුනා ගැනීමට තරම් ඒවා පැහැදිලි බවයි බි බි සී ලෝක සේවය පවසන්නේ. 

එම ඡායාරූප සම්බන්ධයෙන් විලියම් කුමරු සහ කේට් කුමරිය
කම්පනයට සහ කෝපයට පත්ව ඇතැයිද ඡායාරූප ශිල්පියාට සහ ඒවා පළකළ සඟරාවට නඩු පැවරිය හැකිදැයි නීතීඥවරුන් කරුණු සොයා බලන බවද බි බි සී ලෝක සේවය පවසනවා.  

විලියම් කුමරුගේ මව වන ඩයනා කුමරිය හා පැපරාසී වාර්තාකරුවන් අතර ඛේදනීය අතීතයද සිහිකරවමින් මෙම සිදුවීම් පෙල ගැසුනද වෙරළ තීරයන්හි නිරුවතින් හිරු රුස් තපින කාන්තාවන් විශාල සංඛ්‍යාවක් ලෝකය පුරා සිටී. ශ්‍රී ලංකාවේද මෙවැනි නිරුවත් වෙරළ තීර සෑදීමට රාජපක්ෂ පාලනය සැලසුම් කොට ඇත. 

1 comment:

  1. යකෝ කොහෙවත් ඉන්න එකෙක් හෙළුවෙන් ගියත්.. අන්තිමේදී රාජපක්ෂට ඇරලා තමා ලිපිය ඉවර වෙන්න... කමක් නැ..දැන් නින්ද යි නේ

    ReplyDelete