Saturday, September 15, 2012

මාරාන්තික ජලභීතිකා රෝගය තුරන් කිරීමට ජනපති මහින්ද රාජපක්ෂ උපදෙස්


වසර 2016 වනවිට ශ්‍රී ලංකාවෙන් මාරාන්තික ජලභීතිකා රෝගය තුරන් කිරීමේ වැඩපිළිවෙලක් සෞඛ්‍ය අමාත්‍යාංශය ක්‍රියාත්මක කල යුතු යැයි ජනපති මහින්ද රාජපක්ෂ මහතා සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයට උපදෙස් ලබා දී තිබේ.

පසුගිය 2011 වසරේ දී මාරාන්තික ජලභීතිකා රෝගයෙන් ශ්‍රී ලංකාව තුළ පුද්ගලයින් 41ක් මියගොස් ඇත. සෞඛ්‍ය අමාත්‍යාංශයේ මහජන සෞඛ්‍ය පශු වෛද්‍ය අධ්‍යක්ෂ කාර්යාලයේ වාර්තා අනුව 2012 වසරේ මේ දක්වා ජලභීතිකා රෝගයෙන් පුද්ගලයින් 28ක් මරණයට පත් වී ඇත.


මෙම කරුණු සැළකිල්ලට ගනිමින් මහින්ද රාජපක්ෂ මහතාගේ දැඩි අවදානය මේ වෙත යොමුවී ශ්‍රී ලංකාවෙන් ජලභීතිකාව තුරන්කිරීමට පියවර ගෙන තිබේ.

වගකීමෙන් යුතුව සුරතල් සතුන් ඇතිකිරීම සහ හඳුනාගත් වෙනත් ක්‍රියාකාරකම් මඟින් ජලභීතිකාව නිසා මරණයට පත්වීම සම්පූර්ණයෙන් වළක්වාගත හැකි බව සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශය පවසයි.

සියළු සුනඛයින්,බළලුන් වයස සති 6 දී,මාස 3-6ත් අතර දී එන්නත් වාර 2ක් ලබාදීම සහ ඉන්පසුව සෑම වසරකම ජලභීතිකාව වළක්වන එන්නත් ලබාදීම කළ යුතු බවද සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශය ප්‍රකාශ කොට තිබේ.

No comments:

Post a Comment