Saturday, September 15, 2012

මර්වින් පුතා රණවිරුවන්ට පහරදී නොමැත


තම පුත් මාලක සිල්වා රණවිරුවෙකුට හෝ හමුදාවට පහරදීමක් සිදුකර නැතැයි මහජන සම්බන්ධතා හා මහජන කටයුතු අමාත්‍ය මර්වින් සිල්වා මහතා පවසයි.
ඊයේ (14) පැවැති මාධ්‍ය හමුවක් අතරතුරදී මාධ්‍යවේදියෙකු නැගූ පැණයකට පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.
තමාගේ පුතා තමාට වඩා උස මහත බවත්, ඔහු සැඟවීමට නම් අඟහරු ලෝකයට පිටත් කළ යුතු බවත් මර්වින් සිල්වා අමාත්‍යවරයා පෙන්වාදුන්නේය.
අනෙක ඔහු සැඟවීමට මිනි මැරීමක්, මත්ද්‍රව්‍ය ජාවාරමක්, අල්ලසක්,
කප්පමක් හෝ ‍අන්අයෙකුගේ ගැහැණියක් ගෙනැවිත් වැනි දෙයක් සිදුකර නැතැයි ද අමාත්‍යවරයා පැවසුවේය.
මර්වින් සිල්වා අමාත්‍යවරයාගේ පුත් මාලක සිල්වා විසින් පසුගියදා කොළඹ ප්‍රධාන පෙළේ හෝටලයකදී තමන්ට පහරදුන්නේ යැයි හමුදා මේජර්වරයෙකු කර ඇති පැමිනිල්ලට අනුව මාලක සිල්වා අත්අඩංගුවට ගැනීමට පොලිස් මෙහෙයුම් ක්‍රියාත්මකය.
මෙම පහරදීම සිදුවී ඇති ආකාරය එම හෝටලයේ ආරක්ෂිත කැමරා පද්ධතියේද සටහන්ව ඇතැයිද වාර්තාවේ.

No comments:

Post a Comment