Saturday, September 15, 2012

ඇමෙරිකාව ලංකාවට දාන කොන්දේසි කිහිපයක් මෙන්න


උගත් පාඩම් සහ සංහිඳියා කොමිසම හෙවත් එල් එල් ආර් සී කොමිසමේ නිර්දේශ හැකි ඉක්මනින් ක්‍රියාත්මක කොට යුද සමයේදී සිදු කරන ලද බව පැවසෙන මානව හිමිකම් උල්ලංඝනයන් සම්බන්ධයෙන් චෝදනා ලබා ඇති අයට දඬුවම් දීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්නැයි ඇමෙරිකා එක්සත් ජනපදය ශ්‍රී ලංකාවෙන් ඉල්ලා සිටියි.
ඇමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම් රොබට් බ්ලේක් එම ඉල්ලීම කලේ ශ්‍රී ලංකාවේ නිල සංචාරය අවසානයේ කොළඹදී මාධ්‍යවේදීන් අමතමින්.
එහිදී රොබට් බ්ලේක් මහතා පහත කරුණු සම්බන්ධයෙන් ලංකා රජය දැනුවත් කල බව ප්‍රකාශ කළේය.
එල් එල් ආර් සී කොමිසමේ නිර්දේශ සහ මානව හිමිකම් සම්බන්ධ ජාතික ක්‍රියාකාරී සැලසුම කඩිනම් කිරීම.
එමෙන්ම උතුරු පළාතේ රඳවා සිටින හමුදා භට පිරිස් මෙන්ම හමුදාවේ ක්‍රියාකාරකම්ද අවප්‍රමාණය කිරීම.
එල්ටීටීඊ යට එරෙහි යුද්ධය අවසානයේ සිදුකරන ලද බව පැවසෙන බරපතල මානව හිමිකම් උල්ලංඝනයන් සම්බන්ධයෙන් විශ්වාසනීයත්වය සහ විනිවිද පෙනෙන සුළු ආකාරයේ පරීක්ෂණ පවත්වා, වැරදි කළ අයට දඬුවම් දීම
එමෙන්ම උතුරු පළාතේ පළාත් සභා මැතිවරණය හැකි ඉක්මනින්ම පවත්වා, දෙමළ ජාතික සන්ධානය සහ ආණ්ඩුව අතර සාකච්ඡා යලිත් ආරම්භ කොට පළාත්වලට බලය බෙදීම පිළිබඳව එකඟත්වයක් ගැනීම.
මානව හිමිකම් සම්බන්ධයෙන් කථා කිරීමේදී මාධ්‍ය නිදහස ආරක්ෂා.
විශේෂයෙන්ම රටේ ආයෝජනය කිරීමේදී එයට බාධා කරන නිලධාරිවාදී බාධාවන් ඉවත්කොට, දූෂණය දුරුකොට, ආයෝජකයන් දිරි ගැන්වීම සඳහා විනිවිද පෙනෙන සුළු ආකාරයේ වාතාවරණයක් සකස් කිරීම

No comments:

Post a Comment