Saturday, September 15, 2012

මුස්ලිම් ජනතාව ඉල්ලා සිටින්නේ මහා ඇමති ධූරය මුස්ලිම් කොන්ග්‍රසයටනම් එය දීමට අපි එකගයි - TNA


මුස්ලිම් ජනතාව මහා ඇමති ධුරය මුස්ලිම් කොන්ග්‍රසයට දිය යුතුය කියා ඉල්ලා සිටින්නේ නම් එසේ කිරීමට තමන් සුදනම් යයි දෙමළ ජාතික සන්ධානය ප්‍රකාශ කරයි.
අද මාධ්‍ය හමුවක් අමතමින් දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්දන් මන්ත්‍රීවරයා පැවසුවේ තම සන්ධානය ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසය සමග එක්ව නැගෙනහිර පළාතේ පාලන බලය පිහිටුවීමට තවමත් බල්ලපොරෝත්තුවෙන් සිටින බවයි.
එසේ වුවත් ඊයේ රාත්‍රී දෙමළ ජාතික සන්ධානය මුණ ගැසී සාකච්ජා කරන බවට ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසයේ නායක රවුෆ් හකීම් පොරොන්දුවුවත් එකී හමුව සිදුවී නොමැත.

මැතිවරණයේදී රජයට විරුද්ධව අදහස් පල කරමින් ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසය මැතිවරණ ව්‍යාපාරය ගෙන ගිය බවත් ඒ හේතුවෙන් මුස්ලිම් ජනතාව ඔවුන්ට විශාල වශයෙන් ජන්දය ලබා දී ඇති බවත් සම්බන්දන් මන්ත්‍රීවරයා පැවසීය.
දෙමළ ජාතික සන්ධානය සමග එක්වන ලෙසට මුස්ලිම් ජනතාව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයෙන් ඉල්ලා සිටින බවයි සම්බන්දන් මන්ත්‍රී වරයා ප්‍රකාශ කළේ.
පළාතේ මුස්ලිම් ජනතාවගේ අපේක්ෂාව රජය සමග එක්වීම නොව දෙමළ ජාතික සන්ධානය සමග එක්ව පළාත් සභාවක් පිහිටුවාලීම බවයි, දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්බන්දන් මන්ත්‍රීවරයා පැවසුවේ.
දෙමළ ජාතික සන්ධානය විසින් මෙහිදී ජනාධිපති මහින්ද රාජපක්ෂ රජය දැඩි දෝෂ දර්ශනයට ලක් කරන ලදී.
යුද හමුදා බුද්ධි අංශ ලවා දෙමළ ජාතික සන්ධානයෙන් නැගෙනහිර පළාත් සභාවට තේරී පත්වූ මන්ත්‍රීවරුන් පස් දෙනාට බලපෑම් කොට ඔවුන් ආණ්ඩුවට නම්වා ගැනීමට උත්සාහ දරා ඇති බවයි සම්බන්දන් මත්රීවරයා පැවසුවේ.
"බුද්ධි අංශයේ අය ඔවුන් හමුවී තිබෙනවා. රජයට සම්බන්ධවන ලෙස ඉල්ලා තිබෙනවා. කොළඹින් ගෙවල් , වාහන සහ මුදල් කොටී ගණනින් ලබා දෙන්නත් කොන්ත්‍රාත් ලබා දෙන බවත් පවසා තිබෙනවා" යයි දෙමළ ජාතික සන්ධානයේ නායකයා ප්‍රකාශ කළේය.
මේ සම්බන්ධයෙන් පොලීසියට පැමිණිලි කොට ඇති බවත් දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්බන්දන් මන්ත්‍රී වරයා තවදුරත් පැවසීය.

No comments:

Post a Comment