Saturday, September 22, 2012

හඩ්සන් නියෝජනය කරන මහින්ද චින්තන මතවාදයට ලංකා නීතිඥ සංගමයෙන් නඩු පැවරීමට යයි


හඩ්සන් සමරසිංහ මහතා යනු මාධ්‍ය සචාචාරයේ ප්‍රතිමූර්තියකි. මහින්ද චින්තන ධාරව වඩා හොදින් සමාජගත කල ප්‍රබුද්ධ මාධ්‍යෙව්දියානෝය.  රාජපක්ෂ පවුලට දක්වන භක්තිය ලැදියාව ආදරය කරුණාවටත් වඩා ඔහුගේ ප්‍රබුද්දත්වය හා මානව භක්තිය නිසාම ගුවන් විදුලි සංස්ථාවේ සභාපතිත්වයෙන් පිදුම් ලැබීය.  නමුත් ප්‍රවීන මාධ්‍යෙව්දී ප්‍රේම කීර්ති ද අල්විස් ඝාතනයට සම්බන්ධයැයි පවසූ පුවතක් පසුගිය කාලයේදී අසන්නට ලැබුනි. හඩ්සන් සමරසිංහයන් වැඩියෙන්ම සතුන් සුරතල් කිරීමට වඩා රුචිකත්වයක් දක්වන අතර එය ඔහුගේ
මාධ්‍ය භාවිතයේදීද පිළිබිබු වීම දුර්වල කමක් සේ සලකා අති ගරු මහින්ද රාජපක්ෂ මහතා කිහිපවරක්ම අවවාද කොට තිබුනි. නමුත් හඩ්සන් සමරසිංහ මහතාගේ වැඩසටහන් වල වැඩි වශයෙන් දක්නට ලැබුණේ බල්ලා, බූරුවා, කාලකණ්නියා, නිකමා, පොන්නයා, අනේ හු, ගෑනිට කරන්න බැරි එකා, වේසි, පුක, ආදි ජනවහරේ බස්ය. මෙසේ සාමාන්‍ය ජනවහරෙන් ගුවන් විදුලියේදී මහින්ද චින්තනය බල ගැන්වූ හඩ්සන් සමරසිංහ මහතාට ලංකා නීතිඥ සංගමයෙන් නඩු පැවරීම සඳහා ඇති හැකියාව සොයා බැලීම රාජපක්ෂ පවුලේ දැඩි අවදානය යොමු වී ඇත.
 
නීතිඥ උපුල් ජයසූරිය මහතා විසින් ගෙන එන ලද යෝජනාවක් ඒකමතිකව සම්මතවීමෙන් නඩු පැවරීම සඳහා වන ඉඩකඩ සොයා බැලීම සඳහා ජනාධිපති නීතිඥවරුන් සිව්දෙනකුගෙන් යුතු කමිටුවක් පත් කර ඇති අතර ඒ අනුව රොමේෂ්ද සිල්වා, ඉක්‍රම් මොහොමඩ්, ශිබ්ලි අසීස්, හේමන්ත වර්ණකුලසූරිය යන ජනාධිපති නීතිඥවරුන්ගෙන් යුතුව මෙම කමිටුව පත්කරගෙන ඇති බව නීතිඥ සංගම් ආරංචි මාර්ග පවසයි. 

ඉකුත් කාලයේ මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණයට අමාත්‍ය රිෂාද් බදියුදීන් මහතාගේ උසිගැන්වීම මත කිසියම් පිරිසක් විසින් ගල්මුල් ප්‍රහාරයක් එල්ල කිරීමේ සිදුවීමට අදාළව ගුවන් විදුලියේ පුවත් ප්‍රකාශයන්හි හා හඩ්සන් සමරසිංහ මහතා විසින් "ගුවන්විදුලි වැඩසටහනක"දී කරනු ලැබූ ප්‍රකාශයන්ගෙන් මහේස්ත්‍රාත් අන්තෝනිපිල්ලේ ජූඩ්සන් විනිසුරුවරයාට හා ඔහුගේ පවුලේ උදවියට දැඩි අපහාසයක් සිදුව ඇති බව නීතිඥවරුන්ගේ අදහස වී තිබේ. 

විශේෂයෙන්ම එහිදී මහේස්ත්‍රාත්වරයාගේ සොයුරියක එල්.ටී.ටී.ඊ සංවිධානය සමග සබඳතා පැවැත්වූ අයෙකු බවට පවා අභූත චෝදනා එල්ල කර ඇති බව ජනාධිපති නීතිඥ හේමන්ත වර්ණකුලසූරිය මහතා පෙන්වාදෙයි. 

ඉන් ඉක්බිතිව ගුවන් විදුලියේ සභාපතිවරයා යළිත් වරෙක "දිවිනැඟුම"පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දෙනු ලැබූ තීන්දුව විවේචනයට ලක්කරමින් අගවිනිසුරුවරිය ප්‍රමුඛ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ කීර්ති නාමයට අපහාස වන හා අධිකරණ ස්වාධීනත්වය හෑල්ලුවට ලක්කිරීමේ ප්‍රකාශයන් නිකුත් කළ බව සඳහන්ය. 

කෙසේ වෙතත් මේ අයුරින් අධිකරණ විනිසුරුවරුන් හා අධිකරණ ක්‍රියාදාමයට අපහාස වන අයුරින් හා අධිකරණ ස්වාධීනත්වය හෑල්ලුවට ලක්කිරීමේ ප්‍රකාශයන් කළ බවට එල්ලවන චෝදනා සම්බන්ධයෙන් සොයා බලා හඩ්සන් සමරසිංහ මහතාට එරෙහිව ගතහැකි නීතිමය ක්‍රියාමාර්ග කෙරේ එළඹීමට නීතිඥ සංගමය තීරණය කර තිබේ. 
මෙසේ මහින්ද චින්තනය සමාජයේ නිවැරදිව සනිටුවහන්කල හඩ්සන් සමරසිංහ මහතාට කරන චෝදනා සම්බන්දයෙන් රටම බලා සිට්න්නේ මහත් කණගාටුවෙනි.

No comments:

Post a Comment