Monday, October 1, 2012

ජාතික ගැටළුව උග්‍ර වන්නේ ආණ්ඩුව ජනමත විචාරණයකට බය නිසයි


පළාත් සභාවලට බලතල ලබාදී ස්වයං පාලනයක් දෙනවාද නැද්ද කියලා ආණ්ඩුව එක ස්ථාවරයකට පැමිණිය යුතු බව ඇමති වාසුදේව නානායක්කාර මහතා පවසා ඇත.
ඇමතිවරයා මේ බව පවසා ඇත්තේමාධ්‍ය වෙත ලබාදී ඇති විශේෂ සාකච්ඡාවකදී ය.
සමහරු පළාත් සභා අහෝසි කළ යුතු යැයි දපළාත් සභා සඳහා වැඩි බලතල ලබා නොදිය යුතු යැයි ද පැවසුවත් බහුතර
කැමැත්ත ලබා ජාතික ගැටලූව ගැන තීන්දුවක් ගත යුතු බව ඇමැතිවරයා පවසා තිබේ.
තවදුරටත් අදහස් දක්වමින් පවසා ඇත්තේ ආණ්ඩුව ජනමත විචාරණයකට බයයි.  ආණ්ඩුව හිතන්නේ එහෙම වුණොත් මහා විශාල අවුලකට යයි  කියලා. මා කියන්නේ එහෙම වෙන්නෙ නැහැ කියලා යනුවෙන්ද පවසා ඇත.

No comments:

Post a Comment