Monday, October 1, 2012

පක්ෂ විනය උල්ලංඝනය කල චීන කොමියුනිස්ට් පක්ෂ ජ්‍යෙෂ්ඨ නායකයෙක් නෙරපා හරී


අවමානයට පත්ව සිටින දේශපාලන මණ්ඩල සභික බෝ ෂිලයි, පාලක චීන කොමියුනිස්ට් පක්ෂයෙන් නෙරපා හරින ලද බව ෂින්හුවා රාජ්‍ය ප්‍රවෘත්ති ආයතනය වාර්තා කරයි.
ඔහුට එරෙහිව අපරාධ චෝදනා යටතේ නඩු පවරනු ඇතැයි ද එම පුවත් ආයතනය කියා සිටියි. බ්‍රිතාන්‍ය ව්‍යාපාරිකයකු මරා දැමීමේ චෝදනා වලට වැරැද්ද පිළිගැනීමෙන් අනතුරුව, බෝ ෂිලයි ගේ බිරිඳ පසුගියදා සිරගත කෙරුණි. එතෙක් කල් ඔහු සිටියේ චීන කොමියුනිස්ට් පක්ෂයේ නායකත්වය සඳහාද පත් වීමේ ඉඩ කඩ ඇති පුද්ගලයකුගේ තත්වයේයි.

චීන විප්ලවයෙන් පසු උපන් බෝ ෂිලයි 2007-2012 වසර වලදී වෙළද ඇමති ලෙසද සේවය කල අතර මෙම කාලයේ චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම  කමිටු සාමාජිකයෙක් ලෙසත් චීන කොමියුනිස්ට් පක්ෂ චොන්ග්කින්ග් ශාඛාවේ ලේකම් ලෙසත් කටයුතු කොට ඇත.
පක්ෂ විනය උල්ලංඝනය කර ඇති බෝ ෂිලයි, බලය අයුතු ලෙස පාවිච්චි කිරීම, අල්ලස් ගැනීම සහ බොහෝ කාන්තාවන් සමඟ නොමනා සම්බන්ධතා පැවැත් වීම යන වැරදි සිදුකර ඇත. 

No comments:

Post a Comment