Monday, October 1, 2012

මෙවර 5වසර ශිෂ්‍යත්ව විභාගයේ කීර්තිය රැකදුන් ජනපති දිවයිනේ පළමු තැන දිනූ සිසුවා හමුවේ


මෙවර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයෙන් සමස්ත දිවයිනෙන් ම පළමු තැන දිනූ ගාල්ල රිච්මන්ඩ් විදුහලේ කිසර සඳලුක කොඩිතුවක්කු සිසුවා ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා හමු වී ඇත. මෙවර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්ණ කලින් පිටවූ බවට ජනතාව ප්‍රකාශ කල අතර ශ්‍රී ලංකා අධ්‍යාපන ඇමති වරයා ප්‍රකාශ කළේ එවැන්නක් කලින් පිට නොවුන බවත් වෘත්තීය සමිති නායකයන් ශිෂ්‍යත්ව විභාග ප්‍රශ්ණ පත්‍රයට සිසුන් උත්තර සැපයූ පසු එහි තිබුණ රචනාව කුමක්ද කියා සිසුන් ගෙන් දැනගෙන එය තමන් කලින් දැන සිටියා යැයි (රජය
අපහසුතාවයට පත් කිරීමේ අරමුණෙන්) වෘත්තීය සමිති නායකයන් ප්‍රකාශ කල බවයි. ශිෂ්‍යත්ව විභාගයත් අනාගත්තායැයි කණගාටුවෙන් පසුවූ අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙම සිදුවීම දැනගත් වහාම ක්‍රියාත්මක වී මෙවැනි වෘත්තීය සමිති නායකයන් පොලීසියට අල්ලා දැඩි දඩුවම් දෙන්න යැයි යි අධ්‍යාපන ඇමති බන්දුල ගුණවර්ධණ මහතාට දැනුම් දී ඇත.  එසේ වැලලී යන නිදහස් අධ්‍යාපනය රැකගත් අපේ ජනාධිපති තුමා මෙවර ශිෂ්‍යත්ව විභාගයේ  ලකුණු 196ක් ලබමින් දිවයිනේ පළමු තැන දිනාගත් කිසර අරලියගහ මන්දිරයේ හමුවී ඔහුගේ ජයග්‍රහණයට සුබපතමින් තිළිණ ප්‍රදානයක් ද සිදු කළේය. කිසර සඳලුක සහ දෙමාපියන් සමඟ සුහද පිළිසඳරක යෙදුණු ජනාධිපතිතුමා ඔවුන් සමඟ සමූහ ඡායාරූපයකට ද පෙනී සිටියේය.

No comments:

Post a Comment