Monday, October 1, 2012

ලංකා රජයේ ඉඩම් මංකොල්ලය නවත්වන්න බෑන්කීන් මූන් ගෙන් ඉල්ලීමක්


එක්සත් ජාතීන් සංවිධානය හා ජාතියන්තරය වහාම ඉදිරිපත්වී රජයේ ඉඩම් ආක්‍රමණය මැඩපැවත්වා දෙමළ ජනතාවගේ සාමකාමි නිදහස් මානව හිමිකම්වලට අදාල ජීවිතය තහවුරු කිරීම අවධාරණය කරන ලෙස ඉල්ලමින් එක්සත් ජාතීන් සංවිධානයෙහි මහ ලේකම් බැන්කි මූන් මහතා වෙත පෙත්සමක් යවා තිබේ.

දෙමළ ජනතාවගේ හා ජාතියන්තර ප්‍රජාවගේ අපේක්‍ෂාව වන සහජීවනය, හතුරුකම් අමතක කිරීම, පුනරුත්ථාපනය, මාන
ව හිමිකම් ආරක්‍ෂා කිරීම, බලය බෙදාදීම වැනි කරුණු ඉවතට දමා ජාතික ජන කොටසක්වන දෙමළ ජනතාව මැඩපැවත්වීම සඳහා දෙමළ ජනතාවගේ ඉඩම් රජය විසින් ආක්‍රමණය කර තිබේ.

කිලිනොච්චියෙහි පිහිටි අවතැන් ජනතාව සඳහාවූ එක්සත් ජාතීන් සංවිධානයෙහි වන්නි දිස්ත්‍රක්ක නියෝජිත වික්ටෝරියා මහත්මිය වෙත එම පෙත්සම ලබාදී තිබේ.

කිලිනොච්චිය දිස්ත්‍රක්කයෙහි හමුදා ආක්‍රමණය හේතුවෙන් තම ඉඩම්වල නැවත පදිංචිවීමට නොහැකිවී සිටින පරවිපාන්චාන්, මරුදනගර්, ක්‍රිෂ්ණපුරම්, ඉරනයිතීවු, ඉයක්කච්චි වැනි ප්‍රදේශවල ජනතාවන් එක්වී මෙම පෙත්සම ඉදිරිපත්කර තිබේ.

එම පෙත්සමයෙහි පිටපතක් එක්සත් ජාතීන් මානව හිමිකම් කොමසාරිස් නවනීදම් පිල්ලයි මහත්මිය වෙතද යවා තිබේ.


ශ්‍රී ලංකාවෙහි දෙමළ ජනතාවන් බහුතරයෙන් ජීවත්වන උතුර හා නැගෙනහිර ප්‍රදේශවල පසුගිය වසර 60ක් තිස්සේ ඉඩම් ආක්‍රමණයට හා යටත්පත්වීම්වලට අසුවී තිබීම ඔබ දන්නා කරුණකි. මෙම තත්වය 2009 රජය හා කොටි සංවිධානය අතර පැවති යුද්ධය අවසන්වීමත් සමඟම උග්‍රව පවතියි. රජය විසින් සැලසුම් සහගතව ඉඩම් ආක්‍රමණය සිඳුකරමින් තිබේ.

විශේෂයෙන් උතුරු නැගෙනහිර ප්‍රදේශවල ජනතාවට අයිති ඉඩම් රජය විසින් අත්පත්කර ගැනීමෙන් එම ජනතාවට නැවැත පදිංචිවීමට නොහැකි තත්වයක් උදාවි තිබේ. මෙවැනි තත්වයක කිලිනොච්චිය දිස්ත්‍රක්කයෙහි ගම්මාන රැසක ජනතාවගේ නැවත පදිංචියට එල්ලවී තිබෙන තහනමින් පීඩාවට පත්වූ ජනතාව පසුගිය 2012-09-27 වැනි දින කිලිනොච්චිය දිස්ත්‍රක්ක ලේකම් කාර්‍යාලය ඉදිරිපට එක්රැස්වූ අප අපගේ ප්‍රජාතාන්ත්‍රික බලාපොරොත්තු, වේදනාව, හෙලාදැක්ම, නැවත පදිංචිය කෙරෙහි අපගේ අයිතිය ගැන මෙම පෙත්සම මඟින් ඔබගේ අවධානයට යොමු කරන්නෙමු.

පාරම්පරිකව දෙමළ ජනතාවන් ජීවත්වූ ඉඩම් හා සම්පත් රජය, රජය හමුදාව විසින් බලහත්කාරයෙන් උදුරාගනිමින් සිටියි. මෙම ප්‍රදේශවල ජීවත්වන ජන සංඛ්‍යාවට ප්‍රතිවිරුද්ධ ලෙස හමුදා සෙබළුන් රඳවා තබා තිබේ. මෙලෙස සීමාවට අධික හමුදා රැඳවීමෙන් ජනතාවගේ දෛනි ජීවිතයද බාධාවට ලක්වී ඇති අතර සිවිල් පරිපාලන කටයුතුවලද හමුදා මැදිහත්වීම් බහුවලවී තිබේ. ජාතික ආරක්‍ෂාව, සංවර්ධනය යැයි පවසා රජය හමුදා රැඳවුම සාධාරණය කරමින් සිටියි.

දෙමළ ජනතාවගේ හා ජාතියන්තර ප්‍රජාවගේ අපේක්‍ෂාව වන සහජීවනය, හතුරුකම් අමතක කිරීම, පුනරුත්ථාපනය, මානව හිමිකම් ආරක්‍ෂා කිරීම, බලය බෙදාදීම වැනි කරුණු ඉවතට දමා ජාතික ජන කොටසක්වන දෙමළ ජනතාව මැඩපැවත්වීම සඳහා නවීන කුමන්ත්‍රණ මඟින් දෙමළ ජනතාව හා ඔවුන්ගේ ඉඩම් රජය විසින් වහල්කරගෙන සිටියි.

දෙමළ ජනතාව විස්වාසයෙන් පිළිගත් ජනීවා තීරණය තමන් පිළිනොගන්නා බවට අහංකාරකමින් දේශපාලනික හා සිවිල් සමාජයතුල තර්ජනය ව්‍යාප්ත කරමින් හා මූලික අයිතිවාසිකම් හා මානව අයිතිවාසිකම්ද නොරැකිමින් සිටියි.

මෙම තත්වයෙහි කිලිනොච්චිය දිස්ත්‍රක්කයෙහි පහත සඳහන් ප්‍රදේශවල අපගේ ඉඩම්වල නැවත පදිංචිවීමට තහනම්කර තිබේ. නැවත පදිංචිවීමට අප හට තිබෙන අයිතිය තහවුරු කරන අතර දෙමළ ජනතාවගේ සාමකාමි නිදහස් හා මානව අයිතිවාසිකම්වලට අදාල ජීවන රටාවක් ගොඩනැගීමට ජාතියන්තර ප්‍රජාව තම ජාතියන්තර ක්‍රියාදහමය දැඩි ලෙස ක්‍රියාත්මක කරන්නයි අවධාරණය කර මෙම පෙත්සම ඔබ වෙත ඉදිරිපත් කරන්නෙමු යැයි එම පෙත්සමයෙහි වැඩිදුරටත් සඳහන් කර තිබේ.

No comments:

Post a Comment