Monday, October 1, 2012

උතුරේ යුද්ධයෙන් අවතැන්වූවන් සියල්ල පදිංචියි බොරු වලට නොරැවටෙන්න


යුද්ධයෙන් අවතැන්වූ ජනතාවන් කිසිවකු නැතැයි ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා පවසා තිබේ.

උතුරෙහි යුද්ධයෙන් අවතැන්වූ සියළු ජනතාවන්ම නැවත පදිංචිකර ඇතයි ද දැනට පුනරුත්ථාපනය ලබමින් සිටින්නේ හිටපු කොටි සාමාජිකයන් 200කට අඩු පිරිසක් පමණක්යැයි හෙතෙම පවසා තිබේ. ඉතා කඩිනමින් එම පිරිසද සමාජගත කිරීමට පියවර ගන්නා අතර හිටපු කොටි සාමාජිකයන්ගේ පවුල් සාමාජිකයන්ට රැකවරණය ලබාදීමටද පියවර ගැනීමට ඇතයි
හෙතෙම පවසා තිබේ.

සියයට 80ක බිම්බෝම්බ ඉවත් කොට යුධ කලාපයතුල නිවාස 6000ක් ඉදිකර ඇති අතර තවත් නිවාස 7000ක් පිළිසකරදී තිබේ. අසත්‍ය තොරතුරු ප්‍රචාරය නොකර උතුරට සෘජුව පැමිණ එහි වත්මන් තත්වය දැක බලාගන්නයි ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා පවසා තිබේ.

No comments:

Post a Comment