Monday, October 1, 2012

ගාල්ල විද්‍යලෝකයට නව විදුහල්පති නුසුදුසුයි කියා විරෝධතාවයක්


ගාල්ල විද්‍යාලෝක විද්‍යාලයේ නව විදුහල්පතිවරයා ලෙස පත්ව ඇති බන්දුල ජයසිංහ මහතා අද වැඩභාර ගැනීමට පැමිණි අවස්ථාවේදී එම විදුහලේ නොසන්සුන්තාවක් ඇති වුණා. නව විදුහල්පතිවරයා සුදුසුකම් නොමැති බව පවසමින් සිසුන් සහ දෙමාපියන් විරෝධතාවක නිරත වූ බවයි වාර්තා වන්නේ.
සිද්ධිය පාලනය කිරීමට පැමිණි පොලීසියට  විරෝධතාකරුවන් ගල් සහ වතුර ප‍්‍රහාර එල්ල කර තිබෙනවා.  ඒ හේතුවෙන් විදුහල්පතිවරයාගේ මෝටර් රථයටද හානි වී තිබෙනවා. ප‍්‍රහාරයෙන් සිසුන් හය දෙනෙකු සහ ගුරුවරයෙකු තුවාල ලබා
ඇති අතර ඔවුන් වැඩිදුර ප‍්‍රතිකාර සඳහා රෝහල් ගත කර තිබෙනවා. තුවාල ලැබූ නව විදුහල්පතිවරයා ගාල්ල කරාපිටිය රෝහලට ඇතුළත් කර ඇත. ඇති වූ මෙම තත්වය හේතුවෙන් පාසැල 10.30 ට පමණ තාවකාලිකව වසා දැමීමට දකුණු පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ කිත්සිරි ලියනගම මහතා තීරණයකර ඇත. පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේ කෙසේ වෙතත් විදුහල්පතිවරයා නිරුපද්‍රිතව ඉවතට ගෙන රෝහල් ගත කල බවයි.

No comments:

Post a Comment