Saturday, October 6, 2012

ජනතාවගෙන් ගුටි බැට කෑ ඇමති ලැයිස්තුවට සුසන්ත පුංචිනිලමේ


කන්තලේ 87 ප්‍රදේශයේදී ධීවරයන් පිරිසකෙගන්ධීවර හා ජලජ සම්පත් නියෝජ්‍ය අමාත්‍ය සුසන්ත පුංචිනිලමේ මහතා ගුටි ප්‍රහාරයකට ලක්ව ඇත. මෙහිදී සුසන්ත පුංචි නිලමේ මහතාව බේරා ගැනීමට පැමිණි ඔහුගේ ආරක්ෂකයින්ට සහ ඔහුගේ සම්බන්ධීකරණ ලේකම්වරයාටත් ධිවරයන්ගේ ප්‍රහාරයට ලක්ව ඇත.
ත්‍රිකුණාමල දිස්ත්‍රික් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක සුසන්ත පුංචි නිලමේ මහතා කන්තලේ 87 ප්‍රෙද්ශයේ කන්තලේ
වැව ආශිතව ජීවිකාව ගැටගසා ගන්නා මිරිධිය ධීවර කර්මාන්තයේ යෙදෙන ධීවරයින් පිරිසක් සම්බන්ධවූ ධීවර සමිතියකට පැමිණ සාකච්ඡාවක් පවත්වා ඇත. මෙහිදී මිරිදිය මත්ස්‍ය කර්මාන්තයේ යෙදෙන ධීවරයෙකු වන නිහාල් මහතා ඇමතිවරයාගෙන් ප්‍රශ්න කරමින් අසා ඇත්තේ තම වැවට දමන තහනම් ආම්පන්න නවත්වන්නට නොහැකිද යන්නත් ධීවරයන්ට සහන ලැබෙන්නේනම් මෙම කර්මාන්තය ඉදිරියටද කරගෙන යාහැකි බැවින් එම සහන ලැබෙන්නේ කවදාද යන්නත් මැතිවරණ වලට පැමිණ බොරු ප්‍රකාශ කරමින් තමන් රවටන්නේ ඇයිදැයි යන්නය.
දැඩි අපහසුතාවයකට පත්වූ සුසන්ත පුංචි නිලමේ ඇමති වරයා "අඩෝ උඹලගේ අම්ම තාත්ත නෙවෙයි මේවට මාළු දැම්මේ" යනුවෙන් අසමින් නිහාල් නම් ධීවර මහතා අසලට පැමිණ ඔහුට පහරදී තිබේ. පසුව ඇමතිවරයාගේ ආරක්ෂකයෙකුද නිහාල් මහතාට පහරදී ඇත. පසුව ධීවරයාගේ බිරිඳ සහ එතන සිටි අනෙකුත් ධීවරයන් එක්ව ඔවුන්ව බේරීමට කටයුතු කරනවිට ඇමතිවරයාගේ බිරිඳ පැමිණ නිහාල් මහතාගේ භාර්යාවට පහරදී තිබේ. ඇයව බේරාගැනීමට පැමිණි තවත් කාන්තාවකටද පහරදී ඇත.
ඇමති භාර්යාවගේ මෙම නොසන්ඩාල ක්‍රියාව සමග කිපුනු ප්‍ර දේශවාසීන් ඇමති තුමාට ඇතුළු ආරක්ෂකයින්ට ගුටි සංග්‍රහය පුද කොට ඇත්තේ මේත් සමගයි. මෙමෙහිදී එහිසිටි සුනිල් (මහතුන්) නම් ධීවර මහතාද මෙම ගැටුම නැවැත්වීමට වෙහෙසවී ඇති අතර පසුව ඔහු ඇමතිවරයාට පවසා ඇත්තේ "උඹ රත්නපුරේදි නාලන්ද එල්ලාවලව මරලා දැන් මෙහාට පැනල ඉන්නේ. අපි ඕව දන්නවා. උඹ මෙහේ මිනිස්සුන්ට පාට් දාන්න එන්න එපා." යනුවෙනි. එවිට ඇමතිවරයා දිවගොස් ඔහුගේ රථයට ගොඩවී තිබේ.
එවිට ධීවරයින් ඔල්වරසන්දී ඇත. ඇමති ආරක්ෂකයෙකු පැමිණ පවසා ඇත්තේ "යකෝ මමයි එල්ලාවලව මැරුවේ. තොපි මොනවා කරන්නද?" යනුවෙනි. ධීවරයින් එක් ඔහුටද පහරදී ඇත. ඒ අවස්ථාවේ ධිවරයින්ට පහරදීම සඳහා පැමිණි ඇමති සම්බන්ධීකරණ ලේකම් වරයෙකුටද පහරදී තිබේ. එහිදී ඇමතිවරයා ඇතුළු පිරිස පලාගොස් ඇත.
කෙසේ නමුත් මේ වන විට සුනිල් නම් ධීවර මහතා සහ නිහාල් නම් ධීවර මහතා පොලිස් අත්අඩංගුවට‍ ගෙන ඇති අතර ඇමති බිරිඳගේ පහරකෑමට ලක්වූ කාන්තාව රෝහල්ගත කර තිබේ. ඇමති ආරක්ෂකයෙකු සහ සම්බන්ධීකරණ ලේකම්ද රෝහල් ගතකර ඇත. සුසන්ත පුංචි නිලමේ මහතාගේ ඇගේ හා මුහුණේ ඉදිමුම් පමණක් ඇත.

No comments:

Post a Comment