Saturday, October 6, 2012

ඉන්දියාවට චීනයට කොළඹ ඉඩම් විකිණීම ජාතික ආරක්ෂාවට තරජනයක්


ඉන්දියාවටත්  චීනයටත් කොළඹ තිබෙන ඉඩම් ආණ්ඩුව විසින් විකිණීම ජාතික ආරක්‍ෂාවට ප‍්‍රධාන තර්ජනයක් බව ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රචාරක ලේකම්, පා.ම. විජිත හේරත් මහතා කියා සිටියි.
මාධ්‍ය වෙත ප්‍රකාශයක් ලබාදෙමින් මන්ත්‍රීවරයා මේ බව පවසා ඇත.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මන්ත්‍රීවරයා පවසා ඇත්තේ, කොළඹ තිබෙන ඉඩම් වටිනාකමින් ඉහළ බවත් එම ඉඩම් තරඟයට ඉන්දියාවටත් චීනයටත් විකිණීම ආරම්භ කර තිබේ. එය
අපේ රටටම අනතුරක් මෙන්ම ආරක්‍ෂාවටත් තර්ජනයක් බව මන්ති‍්‍රවරයා කියා සිටියි.
ති‍්‍රකුණාමලයේ තෙල් ටැංකි, මන්නාරමේ තෙල්නිධි අතුළු ආරක්‍ෂක ප‍්‍රදේශ පවා ඉන්දියාවට විකුණා හමාරය.
එමෙන්ම වටිනාකමින් යුත් ඉඩම් පවා අඩුමිලට විකිණීමෙන් රටටම පාඩුවිඳින්නටද සිදුව තිබේ.
එ.ජා.පෙ. ආණ්ඩුවට වඩා නරක විදියට ජනාධිපති මහින්ද රාජපක්‍ෂ ආණ්ඩුව ඉඩම් පිටරට කොම්පැණිවලට විකුණාදමා තිබේ

No comments:

Post a Comment