Saturday, September 15, 2012

සුරාබදු දෙපාර්තමේන්තුවට නව බිම් කඩක් දෙන්න ජනපති අණ කරයි


නීති විරෝධී මත්පැන් සහ මත්ද්‍රව්‍ය වලින් තොරවූ සෞඛ්‍ය සම්පන්න ශ්‍රී ලාංකික සමාජයක් බිහිකිරීම සදහා දිවා රාත්‍රී වෙහෙසෙන   සුරාබදු දෙපාර්තමේන්තුවේ කටයුතු කාර්යක්ෂම කිරීමේ අරමුණෙන් රජගිරියෙන් බිම් කැබැල්ලක් ගැනීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා අණ කොට තිබේ. ඒ අනුව අනුව සුරාබදු දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය ස්ථාපනය කිරීම සඳහා රාජගිරියෙන් පර්චස් 30.26ක බිම් කැබැල්ලක් ලබාදීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලැබී තිබේ.

·        
නාගරික සංවර්ධන අධිකාරිය මඟින් කොම්පඤ්ඤ වීදිය පිහිටි කලම්බු කොමර්ෂල් සමාගමේ ඉඩම් සංවර්ධනය කිරීම සඳහා සකස් කරන ලද සංවර්ධන සැලැස්ම ප්‍රකාරව ස්ටේප්ල් වීදියේ, අංක 28 දරණ ස්ථාන‍යෙහි පවත්වාගෙන යනු ලැබු ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය එම ස්ථානයෙන් ඉවත්කරනු ලැබ ඇත.

No comments:

Post a Comment