Saturday, September 1, 2012

සන්ධාන කරුවන්ගේත් සන්ධාන බලගන්වන්නන්ගේත් වේදිකා කඩා වැටේ


එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හා එය බලගන්වන පක්ෂයක ජන්ද ප්‍රචාරක රැස්වීම් වලදී වේදිකා කඩා වැටීම් හා පුටු කඩා වැටීම් වාර්ථා වේ. අම්පාර නගරයේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වූ එක්සත් ජනතා නිදහස් සන්ධාන රැලිය සඳහා ඉදිකර තිබූ වේදිකාව මුළුමණින්ම කඩාවැටී ඇත.
අගමැතිනියක්ව සිටි සිරිමාවෝ බන්ඩාරනායක මහත්මිය පරාජයවූ මැතිවරණයකදීද මේ ආකාරයටම අම්පාර මහජන ක්‍රීඩාංගණයේ ඉදිකර තිබූ දැවැන්ත වේදීකාවක් කඩාවැටුණු බවත්මෙය අසුභ ලකුණක් බවත් ජනතාව අතර කතාබහක් පැතිර යමින් තිබේ.


මේ අතර ත්‍රීකුණාමල දිස්ත්‍රික්කයේ කන්තලේ ආසනයේ පන්සල්ගොඩැල්ල ප්‍රෙද්ශයේ සන්ධානය බලගන්වන ජයන්ත විජේසේකර මහතාගේ ජන හමුවක වේදිකාව අධික සුළග නිසා වැනෙන්ටවූ අතර ප්‍රචාරක කටයුතු භාර සංවිධායක මහතා (ජයන්තගේ මලිලී) වහා ක්‍රියාත්මක වී සුළගේ වේගය පාලනය කිරීමට ෙව්දිකාෙව් පසුබිමට තිබූ ඩඩිජිටල් කටවුටය පේපර් කටර්යකින් පළුදු කල අතර පරාස් ශබ්ධයක් සමග වේදිකාවේ පසුබිම කඩාගෙන ගොස් ඇත.

මේ අතර විමල් වීරවංශ මහතා සහභාගී වූ ජනහමුවකදී පනවා තිබු අසුන සම්බන්ධයෙන්ද ගැටලුවක් පැනනැගී ඇත. ඉන් පසුව එතුමා එම ප්‍රෙද්ශයේ ජනහමු වලට සහභාගී නොවන බවත් උණුසුම් මැතිවරණ
කටයුතු ආරංචි මාර්ග සදහන් කරයි.

No comments:

Post a Comment