Sunday, June 16, 2013

නූතන මැක්කන් බල්ලා මැරුණ දාට තමන් මැරෙන බව දනී

විමල් වීරවංශ  අමාත්‍යවරයා අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ දේශපාලන හැකියාව සම්බන්ධයෙන් වෙනදාට වඩා වැඩි වැඩියෙන් දැනුවත් කිරීම් තම අදහස් තුලදී ප්‍රකාශ කරයි. දක්ෂතා හැකියාව මත උසස් අධ්‍යාපනය ලබාදෙන්න කටයුතු කරන්න අතිගරු ජනාධිපතිතුමාගේ මඟපෙන්වීම යටතේ තාක්ෂණික විෂයක් උසස් පෙළට එක්වූ බව විමල් වීරවංශ මහතා කොළඹ දිස්ත්‍රික්කයේ මාළගාවත්ත, මහල් නිවාස සංකීර්ණයේ පිහිටි ප්‍රදීපා ශාලාවේදී පැවති උත්සවයට ප්‍රධාන ආරාධිතයා වශයෙන් පැමිණ දැඩි ආඩම්බරයකින් ප්‍රකාශ කරන ලදි.

මේ රජය  රටේ පොදු  ජනතාවගේ ජීවන අභියෝග ජයගන්න  සෑම අතකින්ම සහයෝගය ලබාදෙන රජයක්. ඇතැම් හේතු මත  ජීවන වියදම පැත්තෙන් යම් යම් ගැටළු මතුවී තිබුණත් තමුන්නාන්සේලාට  ආදායම් ඉපයිය හැකි  මාර්ග විවෘත කරලාදීලා තියෙනවා.  නුදුරු අනාගතයේදී  ඔබේ දරුවන්ට විද්‍යා, කලා, වාණිජ, ගණිත අංශ පමණක් නොවේ තාක්ෂණික විෂයෙන් උසස් පෙළ කරන්න ඔබේ දරුවන්ට අවස්ථාව හිමිවෙනවා.  අද අපට වෙලා  තියෙන්නේ තාක්ෂණ විෂයෙන් උපාධියක් ලබාගන්න  ක්‍රමයක් නැහැ.  එම නිසා එම ක්ෂේත්‍රයේ   රැකියා අවස්ථා තිබුණත් ඒවාට එන්න දරුවෝ  නැහැ.බොහෝ දෙනා අද කලා, වානිජ ක්ෂේත්‍ර වල උපාධි ලබාගන්න තමයි  පෙලඹෙන්නේ. එහෙම නොවී ගන්නන් වාලේ උපාධි ගන්නවා වෙනුවට දරුවන්ගේ දක්ෂතා හැකියාව මත උසස් අධ්‍යාපන ලබාදෙන්න කටයුතු කරන්න අතිගරු ජනාධිපතිතුමාගේ මඟපෙන්වීම යටතේ අධ්‍යාපන අමාත්‍යාංශයත්, වෘත්තීය පුහුණු අමාත්‍යාංශයත් අද වැඩපිළිවෙල ආරම්භ කරලා තියෙනවා.  ඒ මඟින් ආර්ථිකයේ  නව අවස්ථා ඔබේ දරුවාගේ අතට ගන්න හැකි දරුවෙක් නිර්මාණය කරලා තියෙනවා. එයත් ජීවන උපාය සංවර්ධනයට අදාළයි.

මේ ජපානයෙන් ණය වලට රට පාවා දෙන්න එපා වශයෙන් පම්පෝරි ගසන බොරු දේශප්‍රේමි විමල් වීරවංශ මහතා ජනතාව අන්දවන ආකාරයයි. තාක්ෂණ විෂය සදහා අධාර කරනුයේ ජපානයයි. මීට හේතුව වන්නේ තමන්ගේ බිද වැටුනු ආර්ථීකය ගොඩගැනීමට අවශ්‍ය තාක්ෂණඥයින්, කාර්මිකයින් අඩු වියදමකින් ආසියාවේ හා ශ්‍රී ලංකාව තුල ගොඩනගා ගැනීමටයි. චීනය විසින් අත්පත්කොට ගත් වෙළද පොල විනාශ කිරීම මෙහි ප්‍රධනතම අරමුණයි. තරගයට ණය දී ශ්‍රී ලංකාවේ වෙළදපොල තමන්ට උවමනා පරිදි හැසිරවීමේ තරගය සදහා නැවත වරක් ජපානය ප්‍රෙව්ශ වන්නේ මේ ආකාරයටයි. එල්ලෙන්න වැලැක් නැතිව හිටි අපේ පාලකයන්ටත් උසස් පෙළ තාක්ෂණ විෂයෙන් කාලයක් හම්බකරගත හැකියි. කෙසේ වෙතත් ජපානයෙන් කොන්දේසි මත දෙන මෙම ණය ශ්‍රී ලංකාව අකමැති වුවත් ගත යුතුම ණයකි. දිනපතා මහින්ද රාජපක්ෂ මහතාගේ ගුණ වයා ඔහුගේ දේශපාලනය රකින විමල් වීරවංශ මහතා මර්වින් සිල්වා මහතා වැනි අය අතර ඇති මහින්ද රාජපක්ෂ ජනාධිපති වරයා වැඩියෙන්ම රැකලා ලකුණු දාගැනීමේ තරගය ඉදිරියේදී තවත් උත්සන්න වනු ඇතැයි දේශපාලන ආරංචිමාර්ග සදහන් කරයි.

ඒ මේ නූතන මැක්කන් බල්ලා මැරුණ දාට තමන්  මැරෙන බව දන්නා නිසාය.

No comments:

Post a Comment