Saturday, June 15, 2013

පාසැල් නිල ඇඳුම කොටට නොඅඳින ලෙස අවවාද කල ගුරුවරිය දණ ගස්වයි


සිය දියණියට පාසැලේදී පාසැල් නිල ඇඳුම කොටට නොඅඳින ලෙස අවවාද කිරීමට විරුද්ධව වයඹ පළාත් සභා මන්ත‍්‍රී  ආනන්ද සරත් කුමාර මහතා විසින් නවගත්තේගම නවෝද්‍යා පාසලේ ගුරුවරියක පාසලේදී දණ ගස්වා දඬුවම් කර ඇතැයි වාර්තා වෙයි.
මෙම සිදුවීම සිදුව ඊයේ දිනයේදී සිදුව ඇති අතර පස්වරුවේ පාසලට ගොස් ඇති මන්ත්‍රීවරයා අදාළ ගුරුවරිය පාසල තුළම දණ ගස්වා දඬුවම් කර ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් ගුරුවරිය නවගත්තේගම පොලීසියට කර ඇති පැමිණිල්ලක් මත මන්ත්‍රී ආනන්ද සරත් කුමාර මහතා නවගත්තේගම
පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පාසල් ගුරුවරියකට හිංසා කිරීමේ චෝදනාව යටතේ සැකපිට අත්අඩංගුවට ගත් වයඹ පළාත් සභාවේ සන්ධාන මන්ත්‍රී ආනන්ද සරත් කුමාර මහතා ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට පුත්තලම වැඩ බලන මහේස්ත්‍රාත් මොහොමඩ් ඉක්බාල් මහතා අද (15) සවස නියෝග කොට ඇත.

සැකකාර මන්ත්‍රීවරයා ආණමඩුවේ සිට හලාවත දෙසට වාහනයකින් ගමන් කරමින් සිටින විට ආණමඩුව, ආඩිගම ප්‍රදේශයේදී පොලීසිය ඔහුව අත්අඩංගුවට ගන්නා ලදී. 

පසුව සැකකරුව ආණමඩුව පොලීසිය වෙත ගෙන ගොස් ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව අද සවස අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු මෙම නියෝගය ලබාදී ඇත.


No comments:

Post a Comment