ලංගම බස්
රථ සඳහා ද නුදුරේදීම ඉලෙක්ට්‍රොනික් කාඩ් ක්‍රමයක් හඳුන්වා දෙන බව ප්‍රවාහන අමාත්‍ය
කුමාර වෙල්ගම මහතා පවසයි.
මෙම ක්‍රමය මගීන්ට විශාල පහසුවක් වනු ඇති බව අමාත්‍යවරයා පෙන්වාදෙයි.
ගමනාන්තයට අදාළ ගාස්තුව පමණක් කාඩ්පත මගින් ගෙවීමට හැකිවීම හේතුවෙන් ඇතැම් කොන්දොස්තරවරුන් සිදුකරන වංචාකාරී ක්‍රියාවලින් මිදීමට මගින්ට හැකි වන බව අමාත්‍යවරයා පවසයි.
දිවයිනේ සියලු ප්‍රදේශ ආවරණය වන පරිදි බඳවා ගන්නා ලද රියදුන් සහ කොන්දොස්තරවරුන්ට පත්වීම් පිලි බෙදාදීමේ උත්සවයකදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
No comments:
Post a Comment