Saturday, June 15, 2013

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ධීවර සංවිධායක පක්ෂය හැර යයි


ධීවර සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු ප‍්‍රසන්න අබේවික‍්‍රම මහතා පෙරටුගාමී සමාජවාදී පක්ෂය හැරගිය බව වාර්ථා වේ. ප්‍රතිසංස්කරණ සදහා අරගල පිළිබද දැඩි අප්‍රසාදයක් දැක්වූ ප්‍රසන්න අබේවික්‍රම මහතා භාවිතයේදී සමාජ ප්‍රතිසංස්කරණ අරගල ගනනාවකට දායක විය. 2012 දී සිදුවූ ඉන්ධන මිල ඉහළ යෑමත් සමඟ කරලියට පැමිනි ධීවර උද්ඝෝෂණ හමුවේ ධීවර සංවිධාන එකමුතුව ගොඩනැගීමට ප්‍රසන්න අබේවික්‍රම මහතාට පෙරටුගාමී සමාජවාදී පක්ෂය භාරදෙන ලදි. ධනපති ආණ්ඩුවලින් ප්‍රතිසංස්කරණ ඉල්ලීම දේශපාලන අනුවන කමක්යැයිද නව
ලිබරල් ධනවාදයේ දෙවන ඉනිම පියමං කිරීමේ නව අරගල ක්‍රමයකට ගමන් කරන බවද තම පාක්ෂිකයන් අතර න්‍යායික සංවාද කලද ඔහුගේ වගකීමෙන් සැදි ධීවර සංවිධන එකතුවේ එම නව අරගල ස්වභාවය දකින්ට නොලැබිණි. එතැනනින් නොනැවතුන  ප‍්‍රසන්න අබේවික‍්‍රම මහතා ව්‍යාජ ධීවර උද්ඝෝෂණ කිහිපක් සංවිධානය කරමින් නොනැවති මාධ්‍ය හමු කිහිපයක්ද පැවැත්වීය. දිනක් මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රසන්න මහතා පැවසූයේ  අපි උද්ඝෝෂණික ක‍්‍රියාමාර්ගවලට යන බව පසුගිය 2013 අප්‍රේල් 03වැනිදා මාධ්‍ය හමුවක් පවත්වා දැනුම් දුන්නාට පසුව ආණ්ඩුවේ ඇමතිවරු, ඇමතිවරුන්ගේ ලේකම්වරු අපේ සංවිධානයේ නිලධාරීන්ට දිගින් දිගටම දුරකතන ඇමතුම් ලබා දෙමින් උද්ඝෝෂණවලට යන්න එපා යැයි තර්ජනය කරන බවයි. මේ අනුව ප්‍රසන්න අබේවික්‍රම මහතා මාධ්‍ය හමු පවත්වමින් නව ලබරල් ධනවාදයේ දෙවන ඉනිමට අභියෝග කල අතර එම මාධ්‍ය හමු නිසා ධනවාදී ආණ්ඩු බියපත්වූ බව විශ්වාස කළ අයෙක් දක්වාම වෙනස් විය.  ධීවරයන්ගේ ඉන්ධන සහනාධාරය ආණ්ඩුව කප්පාදු කරද්දීද මාධ්‍ය සංදර්ශණ කිහිපයක් පැවැත්වුවද ක්‍රමානුකූලව ඔහු පෙරටුගාමී සමාජවාදී පක්ෂය තුල නිහඩ වූයේ සටනට පැමිණිය යුත්තේ සැබෑ ධීවර ජනතාව මිස ධීවරයන් ලෙස වෙස්වලා ගත් පක්ෂ කාඩර්වරු නොවන බව ප්‍රකාශ කරමිනි. ඒ කඩෙන් මිලදී ගත් අලුත්ම ධීවර ආම්පන්න යොදා ගනිමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ කාඩර්වරුන් මැයි දිනයේ ධීවර සංදර්ශණයක් ඉදිරිපත් කිරීමට යෑමේදීය.
ජනතා විමුක්ති පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික්කයේ ක්‍රියාකාරී දේශපාලනයක නිරත වූ ප්‍රසන්න අබේවික්‍රම මහතා කට්ටිවාදී ප්‍රවනතාවයේදී මහා දස්කම් පෑ අයෙකි. සර්යා සගරාවේ කතෘ ලෙස ද ජනරල පුවත් පතේ ඇත්ත ප්‍රධාන කතෘ ලෙසද කටයුතු කළේය. කාන්තාවන් සම්බන්ධ සදාචාර ගැටලුවකට මුහුණ දුන් ප්‍රසන්න මහතාට ඇත්තේ, කට කථා මගින් ඉදිරිපත් වූ චෝදනා හෝ සැක කිරීමේ චෝදනා නොව අතේ මාට්ටු වූ චෝදනායි.

2 comments:

  1. ධීවර ගීතයJune 15, 2013 at 7:21 PM

    ප්‍රසන්න මල්ලී ඔයා ධීවර හඩ නිෙයා්ජනය කල සැබෑ නායකෙයක්.

    ReplyDelete
  2. පුබුදු ජාගොඩ මාධ්‍ය හමුවJune 15, 2013 at 11:58 PM

    කඩෙන් මිලදී ගත් අලුත්ම ධීවර ආම්පන්න හහ් හහ් හා
    මේවා අපිට ධීවරයින් පිරිසක් පරිත්‍යාග කල දැල්, මේ ධීවරයන් ටැංකි බෝට්ටු තියෙන අය නිසා තමයි හොද සෙරෙප්පු දාලා ඉන්නේ. අලුතෙන්ම ගත්ත බැනියම් නොවේ මේවා මෙයාලගේ පංති පදනම නිසා පෙනුම ටිකක් අවුල්. මේ අය සැබෑ ධීවරයෝ දැඩි පංති හැගීමක් තියෙන නිසා මුහුදු යන්නේ නැතිව දේශපාලනය කරනවා. මේවාට ඉරිසියා කරන එක වැරදියි.
    මේ ධීවරයින් ලෙස වෙස්වලා ගත් පිරිසක් නොවේ. ඇයි ධීවරයෝ රස්සාව අතඇරල දේශපාලනයට එන එක නරකද?

    ReplyDelete