
මෙම නඩුව මහජන උපයෝගිතා නඩුවක් බැවින් මේ සඳහා සහභාගී වීමට තවත් අගතියට පත් පාර්ශව ඇත්නම් ඔවුන්ගේ
දැනගැනීම පිණිස සිංහල, දෙමළ, ඉංග්රීසි යන භාෂා ත්රිත්වයෙන් ප්රසිද්ධ දැන්වීම් පළකරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අධිකරණය විසින් වැඩිදුරටත් නියෝග කර සිටියහ.
මේ අතර නඩුව සඳහා තවත් දිවුරුම් පෙත්සම් 22ක් අද දිනයේ ඉදිරිපත් කරන ලදී. තවද ශ්රී ලංකා නීතිඥ සංගමය මෙම නඩුවේ නීරීක්ෂකයින් ලෙස අධිකරණයේ මිතුරු පාර්ශවයක් වශයෙන් ඉදිරිපත්වීමට තීරණය කර ඇති අතර අද දිනයේ ශ්රී ලංකා නීතිඥ සංගමයේ විධායක සභික නීතිඥ අනුර මැද්දේගොඩ මහතා නඩුවිභාගයට සහභාගී විය.
මේ අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් සාක්ෂි සටහන් කරගැනීමේදී තවත් 06 නෙකෙු පැමිණිලිකරුවන් ලෙස සෘජුවම මෙම නඩුව සඳහා ඉදිරිපත්වී තිබේ.
මෙම නඩු විභාගය වෙනුවෙන් නීතිඥ උපුල් කුමාරප්පෙරුම, නීතිඥ සුනිල් වටගල ඇතුළු නීතිඥයින් දස දෙනෙකු පෙනී සිටින අතර ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්රී අනුර දිසානායක මහතාද සහභාගී විය.
No comments:
Post a Comment