Sunday, June 2, 2013

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ යලි දෙකඩ වීමට හේතුව වී කුරුල්ලෙක්


පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රභලයෙක් වූ නුවන් ජයවීර මහතාගේ  බිරිදට මහා බ්‍රිතාන්‍යෙය් ශිෂ්‍යත්වයක් ලැබුණ අතර  ශ්‍රී ලංකාවේ විප්ලවය මාස 06න් කරනවායැයි පම්පොරිගැසූ නුවන් ජයවීර මහතාට රට යෑමට අවශ්‍ය වුනා. පසුව චමීර, ලසිත්, ඕපාත යන මහත්වරුන් සමග කල සාකච්ජාවේදී බිරිද සමග රට ගොස් පක්ෂයේ යුරෝපයේ සංවිධායක ලෙස කටයුතු කිරීමට එකග වුනා. නමුත් ශීෂ‍්‍යත්වයට බිරිදට පමණක් මුදල් ලැබූණු අතර  එමනිසා එංගන්තයේ වැඩකිරීමේ
අවසර පතක් මිලදී ගැනීමටත් අනෙකුත් ගමන් වියදම් ලෙස ලක්ෂ 07ක මුදලක් ලබා දීමට ඕපාත හා ලසිත් මහත්වරුන් එකග වුනා.
එම යෝජනාව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මධ්‍යම කමිටුවට ඉදිරිපත් කිරීමත් සමග බලවත් විරෝධයක් ඇති විය. එම විරෝධයට නායකත්වය දුන්නේ අශෝක හා වරුණ මහත්වරුන්ය. අශෝක හා වරුණයන මහත්වරුන්ගේ අදහස වූයේ මෙතරම් මුදලක් ලබාදී නුවන් ජයවීර  එංගලන්තයට යැවීම නිශ්ඵල කටයුත්තක් බවත් තුමාර ගුණරත්නම් වැඩිපුර  යුරෝපයේ සිටින නිසා නුවන් ජයවීරගෙන් බලාපොරොත්තුවන කටයුත්ත  කුමාරගෙන් කරගත හැකි බවත් අනෙක පක්ෂය හැර යන නුවන් ජයවීර එහි ගොස් වැඩ කරයි දැයි සැකයක් පවතින බවත් මෙසේ මුදල් ලබාදී නැවත විදේශගත කරනවානම් මීට කලින් පක්ෂය හැර ගිය පුත්තලම දිස්ත්‍රික් ලේකම් එරාජ් ප්‍රනාන්දුවද බේරා ගැනීමටද තිබූ බවත් ඔහුට ලක්ෂ 2ක් ලබා දුන්නානම් යුරෝපයේ  දේශපාලන සංවිධායක ලෙස කටයුතු කිරීමට එකග බවත් වරුණ අශෝක ඇතුලු පිරිස පවසා සිටියා.
පසුව පෙරටුගාමී සමාජවාදී පක්සයේ මධ්‍යම කමිටුව තියුණු බෙදීමෙන් පසුව නුවන් ජයවීර මහතාට මුදල් ලබාදීම අනුමත විය.

No comments:

Post a Comment