Saturday, June 1, 2013

යුරෝපයේ පටි තද කරගැනීමේ යෝජනාවට විරෝධය, සේවා වියුක්තිය 12.2%කින් ඉහලට


'යුරෝ' මුදල ව්‍යවහාර කරන රටවල් දාහතක රැකියා ප්‍රශ්නය තවත් උග්‍ර අතට හැරී ඇති බව ප්‍රකාශයට පත්කොට ඇත.
ප්‍රශ්නයට මුහුණ දී සිටින රටවල් දාහත පදනම් කර ගනිමින් අප්‍රියෙල් මාසය සඳහා ප්‍රකාශයට පත්කරනු ලැබ ඇති අළුත්ම සංඛ්‍යා ලේඛනවලට අනුව, එම රටවල සේවා වියුක්ති අනුපාතය 12.2% තෙක් ඉහල නැග ඇති බවක් ඇස්තමේන්තු කොට තිබේ.
එය පසුගිය මාර්තු මාසයට සාපේක්ෂව බලන විට 0.1කින් වැඩිවීමකි.
රටවල් ගණනාවක තරුණ සේවා වියුක්තිය කීප ගුණයකින් ඉහළ
ගොස් පවතින බවත් ඉහතකී සංඛ්‍යා ලේඛන මගින් පෙන්නුම් කෙරෙයි.
'යුරෝ' මුදල ව්‍යවහාර කෙරෙන ඇතැම් රටවල ආණ්ඩු විසින් ක්‍රියාවට නංවමින් සිටින පටිතදකර ගැනීමේ ආර්ථික යෝජනාවන්ට එරෙහිව යුරෝපා මහ බැංකු මූලස්ථානය පිහිටි ෆ්‍රෑන්ක්පර්ට් නගරයේ දියත් වූ, ධනපති ක්‍රමයට විරෝධය පළ කරන උද්ඝෝෂකයන් සියගණනක පෙළපාලියක්ද සමඟ, ඉහත කී සංඛ්‍යා ලේඛන ප්‍රකාශයට පත් කෙරුණි.
සංවර්ධනය නංවා ලීමේ ආර්ථික පිළිවෙත් කෙරෙහි යළි අවධානය යොමුකරන මෙන් යුරෝපා කොමිසම මේ සතිය මුලදී ආණ්ඩුවලින් ඉල්ලීමක් කර තිබුණි.

මූලාශ්‍ර 1 2
               

No comments:

Post a Comment