Friday, December 6, 2013

මගේ දර්ශනය සේවකයෝ ඇගයීමට ලක්වෙනකොට හාම්පුතාලා අත්පුඩි ගහනවා දැකීමයි


මහාභිමානී 2013 ජාතික ඉදිකිරීම් සම්මාන උළෙල සඳහා රජයෙන් වෙනම වැය ශීර්ෂයකින් මුදල් වෙන්වී නැතත් භාණ්ඩාගාරයට කිරි එරෙන තුරු බලා නොයිද වර්තමානයේදී ඉදිකිරීම් ක්ෂේත්‍රයේ  වර්ධනය හේතුවෙන් කිරි එරී ඇති ආයතනයන්ගේ උපකාර ලබාගෙන මේ මහාභිමානී 2013  ජාතික ඉදිකිරීම් සම්මාන උළෙල ආරම්භ කළ බව  ඉදිකිරීම්, ඉංජිනේරු සේවා නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතා පැවසීය. අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ මහාභිමානී 2013 ජාතික ඉදිකිරීම් සම්මාන උළෙල සඳහා ජයග්‍රාහයකයින් තෝරා ගැනීමේ අවසන් මහා තරඟ
පැවැත්වු බත්තරමුල්ල, පැලවත්තේ පිහිටි ඉදිකිරීම් යන්ත්‍රෝපකරණ පුහුණු මධ්‍යස්ථානයේදී  (CETRAC) පැවැති උත්සවයට ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගී වෙමිණි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු විමල් වීරවංශ අමාත්‍යවරයා. අද වන විට ඉදිකිරීම් ක්ෂේත්‍රයට සම්බන්ධ වී 50,000 කට අධික පිරිසක් විවිධ වෘත්තිකයන් වශයෙන් කටයුතු කරනවා. ඒ නිසා විශාල පිරිසකගේ භූමිකාව අගය කරන්න තමයි අපි මේ ජාතික ඉදිකිරීම් සතියක් හා මහාභිමානී 2013  වශයෙන් ඉදිකිරීම් සම්මාන උළෙලක් සංවිධානය කළේ. මෙහිදී අපට සතුටු විය හැකි කරුණු කිහිපයක්  තියෙනවා. මෙහි  ඇති එක් වැදගත් ප්‍රවණතාවයක් තමයි  හාම්පුතාලා හා සේවකයින් නැතිනම් සේව්‍ය සේවක දෙපාර්ශවයම එකවර ඇගයීමට ලක්වීම. මේ සඳහා  හාම්පුතාලා හා සේවකයින් යන දෙපාර්ශවයම කැමතියි. සේවකයෝ ඇගයීමට ලක්වෙනකොට හාම්පුතාලා අත්පුඩි ගහනවා. හාම්පුතාගේ නැතිනම් ආයතනයේ නිර්මාණයට සම්මාන ලැබෙනකොට  සේවකයන් අත්පුඩි ගහනවා. මේ සජීවී එකමුතුව අප විසින් ඉදිරියට ගෙනයා යුතුයි. ඕනෑම ආයතනයක් දියුණුව කරා ගමන් කරන්නේ මේ එකමුතුව පවතිනවා නම් පමණයි.

No comments:

Post a Comment