යුද්ධය
නිසා සංචාරක ව්‍යාපාරය මඟහැරුණු ප්‍රදේශවල අද වන විට සංචාරක ව්‍යාපාරය සීග්‍රයෙන්
ව්‍යාප්ත වෙමින් පවතින බවත්, මේ අනුව 2016 වන විට රජය
අපේක්ෂිත සංචාරකයන් ගණන ලක්ෂ 25ක් පමණ වන බවත් සංචාරක
රියදුරු මාර්ග උපදේශක සංගමයේ විධායක සභික, දකුණු පළාත්
සභා මන්ත්‍රී එච්.ඒ.ඒ. අජිත් ප්‍රසන්න මහතා පවසයි.
මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ පසුගියදා ජාතික සංචාරක රියදුරු මාර්ග උපදේශක සංගමය මුහුණපා ඇති ගැටලු සම්බන්ධයෙන් ගාල්ලේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
මෙහිදී මන්ත්‍රීවරයා පෙන්වා දුන් ආකාරයට 2016 අපේක්ෂා කරන සංචාරකයන්ගේ පැමිණීම අනුව සෑම සංචාරකයන් 04 දෙනකුටම රජය එක් රැකියාවක්වත් ඉලක්ක කරන අතර සංචාරක කර්මාන්තයේ ආදායම එක් පුද්ගලයකුට දෙන්නකුට වැඩිවුණාට වැඩක් නැහැ යනුවෙන් පැවසීය.
අද සංචාරකයන් කොතරම් ආවත් සංචාරකයන්ගෙන්, සංචාරක ව්‍යාපාරයේ නියුතු අයකු ලබන ආදායම් ගැන සෑහීමකට පත් විය නොහැකි අතර ශ්‍රී ලංකාවට සංචාරකයන් ගෙන්වන ඒජන්තකරුවන් හත් අට දෙනකු එකතුවී අද ඒකාධිකාරයක් ගොඩනගාගෙන තිබෙන බවද මන්ත්‍රීවරයා පැවසීය.
No comments:
Post a Comment