Wednesday, December 18, 2013

අලියා මිනිසාට කලින් ශිෂ්ටාචාරගතවුණ සතෙක්

අලියා මිනිසාට කලින් ශිෂ්ටාචාරගතවුණ සතෙක් බව  වනජීවී සම්පත් සංරක්ෂණ කටයුතු පිළිබඳ අමාත්‍ය විජිත් විජිතමුනි සොයිසා මහතා පවසයි. අලි මිනිස් ගැටුමට මැදිවු වින්දිතයන් සෑම විටම ඇඟිල්ල දිගු කරන්නේ වනජීවී අමාත්‍යංශයට පමණක් බවත්ල එකී උවදුර පාලනය කිරීමට තම අමාත්‍යංශයට පමණක් එය තනිව කිරීමට නොහැකි අතර ඊට රාජ්‍ය පරිපාලනල ආරක්ෂකල වන සංරක්ෂණල පරිසරල අධ්‍යාපන යනාදී අමාත්‍යංශ බොහොමයක උදවු අවශ්‍ය බවත් ඒ මහතා පවසයි.


ඒ මහතා මෙසේ පැවසුවේ 17දින පාර්ලිමේන්තුවේ අමාත්‍යංශ 10ක වැයශීර්ෂ පිළිබඳ විශේෂ කාරකසභා විවාදයට එක්වෙමිනි.

අමාත්‍යවරයාගේ කතා‍වෙන් මෙසේද පැවසිණ.

අලි-මිනිස් ගැටුමට පිළිතුරු වශයෙන් අලිමංකඩවල් හඳුනාගන්නවා. හෙක්ටයාර් 2000ක ආක්‍රමණික ශාක වගාකරමින් සිටිනවාග අලින්ගේ වර්ගයා බෝකිරීම සඳහා අලින් සිය ජාන හුවමාරු කරගැනීමට කැලෙන් කැලේට මාරුවෙන්නේ ජව වේගයෙන්. එහෙම යන අලින්ගේ මඟ අහුරන විටත් අලින්ගේ අලිමංකඩවල් ඇහීරීමෙනුත් අලි-මිනිස් ගැටුම ඇතිවෙනවා.


අලියා මිනිසාට කලින් ශිෂ්ටාචාරගතවුණ සතෙක් වගේම සුපෝෂණය කළ යුතු වන සම්පතක්. අලියා සුපෝෂණය කරනවා කියන්නෙ අනෙක් සියලුම සතුන් සුපෝෂණය කරනවා යනුයි. කොහොම වුණත් අලිවැට සඳහා අය-වැයෙන් රුපියල් මිලියන 250ක මුදලකුත්. රාජ්‍ය නොවන සංවිධානවලින් හා විදේශ ආධාරවලින් අපට උදවුත් ලැබෙනවා. ඒ වගේම අලි-මිනිස් ගැටුමෙන් විනාශවන ජීවිත හා දේපළ වෙනුවෙන් වන්දිමුදලුත් ලබාදෙනවා. යනුවෙන් වැඩි දුරටත් පැවසූයේය.

No comments:

Post a Comment