Friday, December 7, 2012

තේරීම් කාරක සභාව කෙරෙහි විශ්වාශයක් නෑ හින්සාව විඳදරාගත නොහැකියි අගවිනිසුරුවරිය නික්ම යයි


අගවිනිසුරු ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක, පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව කෙරෙහි විශ්වාශයක් නැති බව පවසමින් ඉන් ඉවත්ව යයි.
අගවිනිසුරුවරියට එරෙහි චෝදනා පිලිබඳ සාක්ෂි ඇතුලත් ලියකියවිලි ඇය වෙත අද ඉදිරිපත් කළ අවස්ථාවේදී ඒවා අධ්‍යනය කිරීම සඳහා කල් ලබා දීම ප්‍රතික්‍ෂේප කිරීම හේතුවෙන් ඇය තේරීම් කාරක සභාවෙන් ඉවත්ව ගොස් තිබේ.
දෝශාභියෝග විභාගය ආරම්භවීමෙන් පසු අද වනතුරු අගවිනිසුරුවරියගේ පාර්ශවයට අදාළ ලියකියවිලි කිසිවක් භාර දී නෙතිබුනි.

නමුත් ලියකියවිලි පනහක් අද භාරදීමෙන් පසු ඒවා අධ්‍යනය කිරීම පිණිස සති පහක කාලයක් අවශ්‍ය බව ඇය කියා සිටි නමුත් ඒවා හෙට සිකුරාදා පස්වරු 1.30 ට විභාගයට ගන්නා බව සඳහන් කළ විට, පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව කෙරෙහි විශ්වාශයක් නැති බවත් එහි සාධාරණභාවයක් හෝ යුක්ති සහගතභාවයක් නොපෙනන බවත් පවසමින් අගවිනිසුරුවරියගේ පාර්ශවය ඉවත්ව ගොස් ඇත.
අගවිනිසුරුවරියගේ නීතිඥ කණ්ඩායමේ, නීතිඥ සාලිය පීරිස් පැවසුවේ සාධාරණ හා අපක්‍ෂපාතී විනිශ්චය සභාවක් හමුවේ පෙනී සිට කරුණු දැක්වීමට අගවිනිසුරුවරිය සූදානම් බවයි. වත්මන් තේරීම් කාරක සභාව පූර්ව විනිශ්චයකට පැමිණීමෙන් පසු යුක්තිය පසිඳලීමේ අරමුණකින් තොරව අසාධාරණ අන්දමින් ක්‍රියා කරන බවයි නීතිඥ කණ්ඩායමේ ප්‍රකාශ කරන්නේ.
පක්‍ෂපාතී ආයතනයක් ඉදිරියේ කරුණු දැක්වීම නිෂ්ඵල ක්‍රියාවක් ලෙස අගවිනිසුරුවරිය විශ්වාස කරන බවද නීතිඥ සාලිය පීරිස් කියා සිටියේය.
තේරීම් කාරක සභාවේ සිටින ආණ්ඩු පක්‍ෂ මන්ත්‍රීවරුන් , අගවිනිසුරුවරියට සහ ඇය වෙනුවෙන් පෙනී සිටින නීතිඥයන්ට අපහාස වන ආකාරයෙන් කථා කළ බවටත් විශේෂයෙන් විමල් වීරවංශ මහතා හා ඩිලාන් පෙරේරා යන මහත්වරුන් මෙම කටයුත්තට සම්බන්ධ වී ඇත. අප්‍රසන්න අයුරින් ප්‍රශ්ණ කිරීම් සිදු කොට ඇති බවයි පැවසෙන්නේ. "මේ නෝනා අලූත් කඩේ දාන සෙල්ලම් මෙතන දාන්න බැරි යැ"යි වීරවංශ වරක් පැවසීය. 'පිස්සු ගෑනි නාඩගම් නටනවා' යැයි තවත් වරක් කීය. වරින් වර වීරවංශ සහ ඩිලාන් දෙදෙනා අගවිනිසුරුවරියට 'නෝනා, බේබි, පිස්සු ගෑනි' ආදී වචන වලින් ඇමතීය.
රාජාණ්ඩුවක් පවතින ශ්‍රී ලංකාව වැනි රටක මෙය පුදුමයකට කාරනයක් නොවන්නේ රාජාන්ඩුවක සියළු තීන්දු තීරණ ගන්නේ රජා වීම නිසයි. ප්‍රජාතන්ත්‍රවාදය ගැන කිසිදු තැකීමක් නැති මෙම මහින්දගේ රාජාන්ඩුව පොල්පොට් පාලනයකට අර අදින්නේ දැයි සැක සංකා මතු වන්නේ රටේ ඉහල පුරවැසියන්වත් තම දේශපලන හෙංචයියන් ලවා සමච්චලයට ලක්කිරීම මීලගට ජනතාවටද හැරවෙන නිසාවෙනි.

No comments:

Post a Comment