Friday, December 7, 2012

අගවිනිසුරුවරිය ඉල්ලා අස්විය යුතුයි - මහින්දගෙන් දුරකථන ඇමතුමක්


ඊයේ (06) රාත්‍රියේ අගවිනිසුරුවරියගේ නීතීඥවරුන් වන නීලකන්දන් මහත්වරුන් අමතා ඇති මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා අගවිනිසුරුවරිය ඉල්ලා අස්විය යුතුයැයි ප්‍රකාශ කර තිබේ.
තමන් දෝෂාභියෝග චෝදනා කියවූයේ ඒ මොහොතේ බව කියා ඇති ඔහු එවා දෝෂාභියෝග ගෙනඒමට තරම් ප්‍රමාණවත් නොවන ඒවා යැයි දැනගත්  බවත් විමල් සහ ඩිලාන් දෙදෙනා
කරන ලද අපහාස තමා කිසිසේත්ම අනුමත නොකරන බවත් පැවසීය.. එසේ වුවද ඒවා විභාග කිරීමේ ක්‍රියාවලියක් ඇරඹී ඇති බැවින් ආපසු හැරිය නොහැකි බවත් එබැවින් අගවිනිසුරුවරියට ඉල්ලා අස්වන ලෙස පවසන ලෙසත් නීතීඥවරුන්ගෙන් ඉල්ලා ඇත.
එසේ කරන්නේනම් ඇයට හා සැමියාට එරෙහිව ඇති නඩු අස්කර ගැනීමට කටයුතු කළ හැකි බවද ඔහු වැඩිදුරටත් දන්වා තිබේ.
අගවිනිසුරුවරියට ඉල්ලා අස්වන ලෙසට ආණ්ඩුවේ අනුදැනුම ඇතිව පසුගිය දා අපහාසාත්මක පත්‍රිකා සහ පෝස්ටර් ප්‍රදර්ශනය කෙ‍රුණු අතර මර්වින් සිල්වා අමාත්‍යවරයාගේ මූලිකත්වයෙන් විරෝධතා උද්ඝෝෂණද සංවිධානය කර තිබිණි. ත්‍රීවීල් සංවිධානයක් සමස්ථ මහා වැඩ වර්ජනයකටද සූදානම් විය.

No comments:

Post a Comment