Wednesday, December 19, 2012

මහ වැසි මදිවට කහ, කිරි, රතු පාට පාට වැසි


රට පුරා මහ වැසි වසිද්දී ඊයේ රාත්‍රියේ වලල්ලාවිට ඉත්තපාන මිරිස්වත්ත ප්‍රදේශයට ඇද හැළළුනු වර්ෂාවේ ජලය කහ පහැයෙන් යුක්ත‍යැයි ප්‍රදේශවාසීන් කියයි. ඉත්තපාන මාලඹේ මිරිස්වත්ත රාජ්‍ය වතුයායේ දෛනික ජල පරික්ෂණ මාපකයේ සවිකර ඇති භාජනයේ පිරි ඇති ජලය කහ පාටින් පෙනුන අතර ජලයේ දූවිලඅංශු වැනි කුඩක් ඇත.
කළුතර දිස්ත්‍රිකයේම බුලත්සිංහල ගෝවින්න ප්‍රදේශයේ කුඹුරු යායකට පසු ගිය දිනක සදු පැහැති ඝණ දියරයක් වැටී තිබීම
හේතුවෙන් ළිං වල සහ ඇල දොල වල ජලය භාවිතයටද ජනතාව සැක පළ කරති. මෙය කිරි වැස්සක් ලෙසද සමහරු හදුන්වති.
මේ අතර රතු වැස්ස බොහෝ ප්‍රෙද්ශයකට ඇතිව තිබේ. මාතර කිරින්ඳ පුහුල්වැල්ලටත් (17) පස්වරු 1.00 සිට 1.30 වන තුරු රතු වැස්සක් වැටුණු බව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය කියයි.
ගාල්ල වඳුරඹ ප්‍රදේශයේ ස්ථාන කිහිපයකටමත් ඊයේ මිනිත්තු 15ක් පමණ කාලයක්  ලා රතුපාටට හුරු වැසි වැටුණු බව ගැමියෝ කියති.
සෙවනගල ඉඳිකොළපැලැස්ස අංක එක ගමේ කොටසකට රතු පැහැ වැස්සක් ලැබුණු බව එහි වැසියෝ පවසති.
දිඹුලාගල මනම්පිටියේ සීල පුරයට (18) උදේ රතු වැසි වැටුණු බව වැසියෝ කියති. එකදිගට පැයක පමණ  කාළයක් එම පැවති බවත් වාර්තාවේ.

No comments:

Post a Comment