Wednesday, December 19, 2012

දෙසැම්බර් 29 ශ්‍රී ලංකාවට භූමි කම්පාවක් - රජයේ මාධ්‍ය කියයි


ලබන 29 දා කුමන හෝ මොහොතක ශ්‍රී ලංකාවේ පළාත් කිහිපයකට බලපාන මධ්‍යම ප්‍රමාණයේ භූමිකම්පාවක් ඇතිවිය හැකි බව විද්‍යාඥ ලලිත් විජයවර්ධන මහතා කියා සිටී. දිනමිණ පුවත් පතේ පලමු පුවත බවට පත්වූයේ එහි ඇති වැදගත් කම නිසා විය යුතුය. 
ලලිත් විජයවර්ධන මහතා ශ්‍රී ලංකාවට සුනාමියක් එන බව ඊට කලින් ප්‍රකාශයට පත් කළ විද්‍යාඥයෙකි. ලෝක විනාශය ලබන 21දා හෝ මේ මාසය තුළ හෝ සිදුවීමට ඉඩක් නැතැයි පෙන්වා දෙන ඒ මහතා ඉහත කී භූමිකම්පාව මඟින් ප්‍රදේශ ගණනාවකට විපත් පැමිණිය හැකි බව පෙන්වා දෙයි.

ලලිත් මහතා භූමිකම්පාව පිළිබඳ ස්ථිර වශයෙන් ම කරුණු දක්වන්නේ මධ්‍යම කඳුකරයේ ප්‍රදේශ කිහිපයක පස් සාම්පල පරීක්ෂා කිරීමෙන් අනතුරුවය.
ලෝකයේ ඕනෑම පළාතක ඇති කඳුවල පස් පරීක්ෂාවට ලක් කිරීමෙන් භූමිකම්පා පිළිබඳ අනාවැකි පළ කිරීමට තමන්ට හැකි බවත් ඒ පිළිබඳ තාක්ෂණය තමා සතු බවත් ලලිත් විජේවර්ධන මහතා කීය.
මීට කලින් වැඩිපුර භූකම්පන ජපානය ආශ්‍රිත රටවල්වලට වුවත් නව භුකම්පන කලාපය ඉන්දියාව, ලංකාව, ඉන්දුනිසියාව හරහා වැටෙන බවද මොහු 2001 වසරේ ජනමාධ්‍යයෙන් ජනතාව දැනුවත් කර ඇති බව සාක්ෂි සහිතව පුවත්පත් උපුටා දක්වමින් පෙන්වා දෙයි.
මෙයට කලින් ඉන්දියාවේ ගුජරාටි, ප්‍රාන්තයට හා අහමදාබාද් ප්‍රාන්තයට සිදුවු භූකම්පා දෙක පිළිබඳ කලින් අනාවැකි මෙම විද්‍යාඥයා විසින් පළ කළ බවටද පුවත්පත්වලින් සාක්කි උපුටා දක්වමින් සනාථ කරයි.
ශ්‍රී ලංකාවේ සුනාමි ව්‍යසනය හා ඉන්දියාවේ භූමිකම්පා දෙක පිළිබඳ කලින් අනාවැකි පළ කළ ලෝකයේ පළමු විද්‍යාඥයා වන්නේ ද මොහුය. පෘථිවියට 2019 වසරේ ගලක් පතිත වනබවට 2001 වසරේදී මොහු විසින් අනාවැකි පලකර ඇති අතර මේ වනවිට එම ගල් කැබැල්ල විනාශ කිරීම සඳහා අමෙරිකාවේ විද්‍යාඥයෝ කටයුතු කරමින් සිටිති. 

No comments:

Post a Comment