
ශිවාජි ලිංගම්ගේ ලිපියේ
මෙසේද සදහන් විය.
ශ්‍රී ලංකානු රජය විසින්
මෙතෙක් කාලයක් දියත්කළ දෙමළ ජන ඝාතනය සිඳුකළ ශ්‍රී ලංකා හමුදාව දෙමළ ජනතාව විසින්
ආක්‍රමික හමුදාවක් ලෙස එනම් සිංහල හමුදාවක් ලෙස අදහස් කරමින් සිටිති. අපගේ
මව්බිමෙන් ආක්‍රමික හමුදාව මුළුමනින්ම පිටත්විය යුතුය එය දෙමළ ජනතාවගේ අපේක්‍ෂාවද
වේ.
ජාතික ප්‍රශ්ණයට විසඳුමක්
ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දෙමළ ජනතාවන්ද ඇතුලත් ශ්‍රී ලංකානු හමුදාව දෙමළ
මව්බිමයෙහි ස්ථානගතවිය හැකිය. දෙමළ ජන ඝාතන හා යුධ අපරාධවලට ජාතියන්තර සාධාරණයක්
ඉල්ලා සිටින දෙමළ ජනතාවන් ස්වාධීනත්වයේ විසඳුමක් ඉල්ලා සිටිති.
දෙමළ ඊළම් කොටි සංවිධානය
දෙමළ ජාතියේ ජාතික නිදහස් සංවිධානයක් ලෙස බොහෝ දෙමළ ජනතාවන් පිළිගෙන සිටියෝය. කොටි
පාලනයේදී දෙමළ මව්බිමයෙහි යථාර්ත පාලනය තිබූ බව ලොවම දැනගෙන සිටියෝය.
පලස්දීන විමුක්ති සංවිධානය
කළ ආයුධ අරගලයෙන් අනතුරුව පලස්තීනයට එක්සත් ජාතීන් සංවිධානයෙහි නිරීක්‍ෂණය කිරීමේ
අයිතියක් තිබෙන රටක් බවට පිළිගෙන තිබේ. එලෙස අයිරිස් ජනරජයේදීද හමුදාව පැවැත්වූ
ආයුධ අරගලයෙන් පසු ප්‍රශ්ණයට විසඳුමක් ලැබී තිබේ.
නමුත් දෙමළ ජාතික විමුක්ති
අරගල සංවිධානයක්වූ කොටි සංවිධානය ලොව බොහෝ රටවල් එක්වී විනාශකළෝය. එක්සත් ජාතීන්
සංවිධානය ඇතුළු කිසිම රටක් දෙමළ ජන ඝාතනය නැවත්වීමට ඉදිරිපත්වුයේ නැත.
දැන් වන්නියේදී සිඳුවූ ජන
ඝාතනය මැඩපැවැත්වීමට එක්සත් ජාතීන් සංවිධානය අපොහොසත්වූ බවට එහි අභ්‍යන්තර
වාර්තාවන් චෝදනාකර තිබේ. ශ්‍රී ලංකානු රජය ජාතික ප්‍රශ්ණවයට විසඳුමක් ලබාදෙයි කියා
බලාපොරොත්තු නොවී ජාත්‍යයන්තර ප්‍රජාවගේ සහයෝගය මත දෙමළ ජනතාව තම මව්බිමයෙහි තම
තමන්ව පාලනය කළ හැකි විසඳුමක් ලබාගැනීමට සියළු දෙනාම එක්වී කටයුතුකළ යුතුය.
No comments:
Post a Comment