Wednesday, December 19, 2012

මහ වරුසාවෙන් වැඩිම හානි මඩකලපුව බරපතලම කුරුණෑගල


ශ්‍රී ලංකාවේ පළාත් ගණනාවක ඉරිදා සිට හටගත් අධික වැසි සහිත කාලගුණය හේතුවෙන් 13 දෙනකු මරුමුවට පත්වී ඇති අතර තවත් 25 දෙනකු තුවාල ලබා තවත් 25ක් අතුරු දහන්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
අනූදහසකට ආසන්න ජනකායක් ගංවතුරින් පීඩාවට පත්ව සිටින බවද පැවසූ ඔහු, 8533 දෙනකු කඳවුරු 36 ක තාවකාලිකව රඳවා සිටින බවද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

මේ අතුරින් වැඩිම ජනගහනයක් පීඩාවට පත්ව ඇත්තේ මඩකලපුව දිස්ත්‍රික්කයෙන් වන අතර ගංවතුර ව්‍යාප්තිය වඩාත් බරපතල කුරුණෑගල දිස්ත්‍රික්කයේ බවද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිකුත් කල අලුත්ම සංඛ්‍යාලේඛනවල දැක්වේ. කුරුණෑගල මේ වන විට බොහෝ ප්‍රධාන මාර්ග වසා දමා ඇති අතර. තවත් ඉදිරියට වර්ෂාව පැවතුනොත් තත්වය බරපතල විය හැකිය. අද උදෑසන වර්ෂාව තරමක් අඩු වුවද තවමත් අහස කලු පැහැයෙන් මෙම ප්‍රෙද්ශවල දිස්වේ.
2012 අධ්‍යායන පොදු සහතික පත් සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන විභාග මධ්‍යස්ථාන දෙකක් සම්පූර්ණයෙන්ම වසා දැමීමට වයඹ පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ කේ.ඩී. තිලකරත්න මහතා තීරණය කර තිබේ.
පවතින අධික වර්ෂාවත් සමග මාර්ග ජලයෙන් යටවීම හේතුවෙන් කුලියාපිටිය කිරිමැටියාව ශ්‍රී සුමනසාර නවෝද්‍යා පාසලේ සහ හෙට්ටිපොළ බාරාගෙදර මහ විදුහලේ විභාග මධ්‍යස්ථාන දෙක මෙසේ වසාදමා ඇත.

මහනුවර ප‍්‍රදේශ කිහිපයක විදුලි සැපයුම ඇණහිට තිබෙනවා. දුරකථන සම්බන්ධතා ද විසන්ධි වී තිබෙන අතර ඇණ හිටි දුම්රිය සේවා තාම යාවත් කාලීන කොට නැත.

No comments:

Post a Comment