Wednesday, December 19, 2012

ලෝක විනාශය ගැන මහාචාර්ය නලීන් සිල්වා හා ආචාර්ය මර්වින් සිල්වාගේ මතය


මහාචාර්ය නලින්ද සිල්වා යනු ශ්‍රී ලංකාවේ පිනට පහල වූ බුද්ධිමතෙකි. ආචාර්ය මර්වින් සිල්වා යනු ශ්‍රී ලංකාවේ අග්‍රගන්‍ය දේශපාලඥයෙකි. ඔවුන් දෙපලම කැළණියේ හිදිමින් තම කාර්යන්හි නිරතවන්නෝය. ඔවුන් දෙපලගේ ලෝක විනශය ගැන පල කල මත නිසා බොහෝදෙනෙක් තම ජීව ප්‍රෙබා්ධය නැවත ලබා ගත්බව කවුරුත් දනිති. ඔවුන් දෙපළ ඒ පිළිබද දැක් වූ අදහස් මෙසේය.
ලෝකය විනාශයක් ගැන කියන්නේ බටහිර යුදෙව් ක්‍රිස්‌තියානි සංස්‌කෘතියෙහි බවයි නලීන් ද සිල්වා මහතා පවසයි. නලින්ද සිල්වා මහතාට අනුව බටහිර යුදෙව් ක්‍රිස්‌තියානි සංස්‌කෘතියෙහි සරල රේඛා
ඛණ්ඩයක අග මුල මෙන් කාලයටද අගක් මුලක් ඇත. එවැනි සංස්කෘතියකට අනුව සිතන බටහිරට අනිවාර්යයෙන්  ලෝකය විනාශ වන බව කියයි.  
අප පුටුව ලෙස දකින්නේ අපේ සංස්‌කෘතිය විසින් සකස්‌ කෙරී අපට ලබා දුන් සංකල්පයක්‌ සහිත ඊනියා වස්‌තුවකි. එවැනි වස්‌තුවක්‌ ඇතැයි සැලකීමට අපට සංස්‌කෘතියෙන් උගන්වනු ලැබ ඇත. ඒ අකාරයෙන්ම  අප පෘතුවිය ලෙස දකින්නේ අපේ සංස්‌කෘතිය විසින් සකස්‌ කෙරී අපට ලබා දුන් සංකල්පයක්‌ සහිත ඊනියා වස්‌තුවකි. එවැනි වස්‌තුවක්‌ ඇතැයි සැලකීමට අපට සංස්‌කෘතියෙන් උගන්වනු ලැබ ඇත. ඒ අනුව පෘතුවිය යනු අපට ඇතැයි යනුවෙන් සැලකීමට බලකල වස්තුවකි.
මායාවරුන් ගේ දින දර්ශනය 2012න් අවසන් වී ලෝක විනාශයක්‌ සිදු වන බවක්‌ ගැන කතා කරන්නේ බටහිර යුදෙව් ක්‍රිස්‌තියානි සංස්‌කෘතියෙහි ය. එයට හේතුව බටහිර යුදෙව් ක්‍රිස්‌තියානි සංස්‌කෘතියෙහි කාලය විවෘත, ඒක රේඛීය වීම ය. එහි කාලයට ආරම්භයක්‌ ඇත. ඒ ආරම්භයෙන් පසු කාලය දිගින් දිගට ම ඒක රේය ව ගලා යයි. එය ලෝක ආරම්භයත් සමග සිදු විණි යෑයි යුදෙව් ක්‍රිස්‌තියානි සංස්‌කෘතියෙහි සැලකෙයි. මහා පිපිරුම, දෙවියන් වහන්සේ ලෝකය මැවීම ආදිය ඒ සංස්‌කෘතියෙහි බිහි වූ සංකල්ප වෙයි.
බටහිර යුදෙව් ක්‍රිස්‌තියානි සංස්‌කෘතියෙහි පඬිවරුන්ට මායා දින දර්ශනය හමු වූ විට ඔවුන්ට කළ හැකි වූයේ ඔවුන්ගේ සංස්‌කෘතියට අනුව එය විවරණය කිරීම ය. ඔවුන්ට අනුව දින දර්ශනය අවසානයක්‌ ඇත්නම් එයින් කියෑවෙන්නේ ඉන්පසු ලෝකයක්‌ නැති බව ය. සරල රේඛා ඛණ්‌ඩයක අග මුල මෙන් ඔවුන්ට දින දර්ශනවලට අගක්‌ මුලක්‌ ඇත. එබැවින් ඔවුහු මායා දින දර්ශනයෙහි 2012න් පසුව යමක්‌ නො කියෑවෙන බැවින් එය එහි අග එසේත් නැත්නම් අවසාන ලෙස ගත් හ. විවෘත ඒක රේය චින්තනයක්‌ ඇති බටහිර පඬිවරුන්ට අනුව මායා දින දර්ශනයෙන් කියෑවෙන්නේ 2012 දී ලෝකය අවසන් වන බව ය. එනම් ලෝකය විනාශ වන බව ය. තම සංස්‌කෘතියෙහි සිතන ආකාරයට අනෙක්‌ සංස්‌කෘතිවල ද සිතන්නේ ය යන උද්ධච්ඡස්‌භාවයෙන් පෙළෙන බටහිරයෝ මායාවරුන් තම දින දර්ශනයෙන් 2012 දී ලෝකයේ වෙනත් යුගයක ආරම්භය ගැන කියා ඇත් ද යන්න කල්පනා කිරීමට තරම් වත් නිහතමානී නො වෙති.

ආචාර්ය මර්වින් සිල්වා යනු ශ්‍රී ලංකාවේ අග්‍රගන්‍ය දේශපාලඥයෙකි. ඔහු ද ලෝක විනාශය සම්බන්ධයෙන් දැරෑ අදහස මෙසේය. දෙසැම්බර් 21දා සමස්ත ලෝකයම විනාශ වන බවට අන්තර්ජාලය ඔස්සේ පැතිර යන මතය සත්‍යතාවෙන් තොර ප‍්‍රකාශයක් බවත් ඉන් මහජනතාව අනිසි බියක් ඇතිකර නොගත යුතු බවත් ආචාර්ය මර්වින් සිල්වා ඇමැතිවරයා මාධ්‍යයට ප‍්‍රකාශයක් නිකුත් කරමින් පවසයි.
විවිධ පුද්ගලයන් අන්තර්ජාලය ඔස්සේ දෙසැම්බර් 23,24 සහ 25 දිනවල අහස මුළුමනින්ම අඳුරුවන බවත්, පොළොව සෙලවිලා විශාල පිරිසක් මියගොස් ඉතිරිවන අයට අලූත් ලෝකයක් උදාවන බවත් කරන ප‍්‍රකාශ පට්ටපල් බොරු බවත් ඔහු එම ප‍්‍රකාශයෙන් පවසයි.
කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අංශයේ මහාචාර්ය චන්දන ජයරත්න මහතා සහ නාසා ආයතනයත් කරන ප‍්‍රකාශවලින් මහජනතාවට කිසිම හිරිහැරයක් නොවන බව තහවුරු වී ඇත. බියෙන් සිටින ජනතාවගේ බිය දුරු කිරීම සඳහා මාධ්‍ය මඟින් දැනට වඩා කළ යුතුයි. 2012 වර්ෂයේ දෙසැම්බර් 21 වැනි දින ලෝකය විනාශ වන බව මුලින්ම මතයක් පළවුණේ මායාවරුන්ගේ කැලැන්ඩරයක් පදනම් කරගෙනයි.
මායාවරුන් කියන්නේ ඇමෙරිකාවේ මාධ්‍ය කොටසේ පිරිසක්. කි‍්‍ර.ව. 1250 පමණ වනවිට ඒ  අය වඳ වී ගොස් සුළු පිරිසක් පමණක් මේ වනවිට ජීවත්ව සිටිනවා. ඔවුන් තාරකා විද්‍යාව සහ ග‍්‍රහලෝක පිළිබඳ දැනුමෙන් දියුණුවට  පත්වූ පිරිසක්. ඔවුන්ට සූර්යග‍්‍රහණය හා චන්ද්‍රග‍්‍රහණය පිළිබඳ නිවැරැදි අනාවැකි කියන්න හැකියාව තිබුණා. ඔවුන් ළඟ එයට අදාළ කැලැන්ඩර තිබුණා. එවැනි එක් කැලැන්ඩරයක තමයි මෙම වර්ෂයේ 21දායින් අවසන් වෙන්නේ. එය පදනම් කරගෙන තමයි ලෝක විනාශයක් පිළිබඳ රාවයක් ලෝකය පුරා පැතිරුණේ.
මීට පෙරද එනම් කි‍්‍ර.පූ. 3114 අගෝසතු මස 11 වැනිදා අවසන් වන මායාවරුන්ගේ කැලැන්ඩරයක් නිරිමාණය කර තිබුණා. නමුත් ලෝක විනාශයක් සිදුවී නැහැ. ඉන් පසුව ඔවුන් තවත් කැලැන්ඩරයක් නිර්මාණය කළා.
එම කැලැන්ඩරය තමයි මෙම දෙසැම්බර් 21දා අවසාන වන්නේ. එදින ලෝක විනාශයක් සිදුවන බව කොතැනකවත් සඳහන් කර නැහැයි එම මාධ්‍ය ප‍්‍රකාශයේ සඳහන් වේ.

No comments:

Post a Comment