Monday, December 17, 2012

ඇමෙරිකානු අධිරාජ්‍යවාදයේ කීකරු ගෝලයා අල් කයිඩා සංවිධානයයි


පසුගිය ඉතිහාසයේ ඇමෙරිකානු යුධ මෙහෙයුම් ඉතිහාසය දෙස බලද්දී ඇමෙරිකාව විසින් පෙරලා දැමීමට ඉලක්ක කල රාජ්‍යයන් අල් කයිඩා දේශපාලනයට එරෙහි වූ රටවල් වේ. උදාහරණ ලෙස ඇෆ්ගනිස්තානය, ඉරාකය, ලිබියාව,  අද සිරියාව අදී රටවල් තුල අල් කයිඩා බලය ස්තාපිත කිරීමට ක්‍රියා කොට ඇත.
ඉරාකයට එරෙහි යුද්ධය දියත් කලේ "මනුෂ්‍ය නාශක අවි අල්
කයිඩාව අතට පත්වීමේ දැවැන්ත තර්ජනයක් පිලිබඳ පට්ටපල් බොරුවමත පිහිටාය. සිරියාවට එරෙහි ඍජු මිලිටරි මැදිහත්වීමක් සාධාරනීකරනය කිරීම සඳහා මෙම ව්‍යාජ හේතුව ම යලි උපයෝගී කරගෙන තිබේ.
1979දී ඇෆ්ගනිස්තානයට ගොඩබට සොවියට හමුදාවෝ ඉවත් කිරීමේ අරමුනෙන් ඇමෙරිකානු විශාල මුදල් කන්දක් ගෙවා ගොඩනංවන ලද මුජහිදීන් මුස්ලිම් මූලධර්මවාදී අන්තවාදී මිල්ටරි සංවිධානය ඇෆ්ගනිස්තානයේ සෝවියට් රුසියාවට පක්ෂපාතී ආන්ඩුවට එරෙහිව 1980 ගනන්වල මුදා හල එක්සත් ජනපද පිටුබලය සහිත විරෝධය හා සමපාතීව බිහිවුන අල් කයිඩා සංවිධානය 9/11 ත‍්‍රස්ත ප‍්‍රහාරයේ පටන් විදෙස් රටවලට එරෙහි යුද්ධවලදීත් රටවල් තුල ප්‍රජාතන්ත්‍ර අයිතීන් අහෝසිකොට තම හිතවත් පාලකයින් බිහි කිරීමේ ක්‍රියාවලීන් සාධාරණීකරය කිරීමට උපයෝගීවන අද්භූත බලයක් ලෙස භාවිතා කොට ඇත. මේ නිසා ඇමෙරිකානු අධිරාජ්‍යවාදයත් අල් කයිඩාවත් එක කදවරක එක අරමුණක පිරිසක් ලෙස වටහා ගතයුතු බවත් එමගින් ලෝක දේශපාලනය තුල නව කියවීමක් ඇති කල හැකි බවත් බටහිර දේශපලන විචාරක බිල් වැන් ඕකන් පුකාශ කොට තිබේ.

1 comment:

  1. Wonderful artical this is the bitter truth everyone should understand. Us and west helping terrorist.

    ReplyDelete