Monday, December 17, 2012

2012.12.21 ලෝක විනාශය, පිටසක්වල ජීව යානා ගොඩ බෑම මැද තෙල් මිල රු 10කින් ඉහලට

රටේ ජනතාව 2012.12.21 ලෝක විනාශය පිළිබදවත් එදිනට එතැයි කියන පිටසක්වල ජීව යානා ගොඩ බෑම හරහා සිදුවන පෘතුවි ආක්‍රමණයකක් ගැනද බිය වෙමින් සිටී. පෞද්ගලික දේපල ක්‍රමය සහිත සූරාකෑම අසමාන තාවය පිරුණ සමාජ තත්වයක මනූෂ්‍ය ජීවීන්ට මෙම තත්වය දරාගත නොහැක්කකි.
ලෝක විනාශය 2012 වසරේ දෙසැම්බර් මාසයේ සිදු වෙතැයි කියන මතයට සාක්ෂිය වශයෙන් සටහන් කොටගෙන ඇත්තේ  ක්‍රිස්‌තු වර්ෂ 603 දී සිට 683 දක්‌වා කාලයේ මෙක්‌සිකෝවේ ජීවත් වූ පාකල් වෝටන් නම් පඬිවරයකුගේ ශිලා ලේඛනයකිනි.
මෙක්‌සිකෝව වසර 21 ක කාලයක්‌ පාලකයා වූ ඔහු අනාගත වාක්‍ය ප්‍රකාශ කල අයෙකි. පුවත්පත් වාර්තා පෙන්වා දෙන පරිදි ඔහු මියයන්නට පෙර ලියූ ශිලා ලේඛනයක 2012 වසරේ දෙසැම්බර් 21 වනදා පෘථිවියේ මහා විනාශයක්‌ වන බවට පැහැදිලිවම සටහන් කර තිබේ. එම ශිලා ලේඛනය සොයාගෙන ඇත්තේ පාකල් වෝටන් පඬිවරයාගේ දේහය අසලිනි. මෙක්‌සිකෝවේ චියාපස්‌ නමින් හඳුන්වන පිරමිඩ හැඩැති සොහොන් ගැබක තැන්පත් කර තිබූ පාකල් වෝටන් පඬිවරයාගේ දේහය පුරා විද්‍යාඥයන් විසින් හඳුනාගෙන ඇත්තේ 1952 වසරේදියි. පොළව මට්‌ටමේ සිට අඩි 69 යුත් පඩි පෙළක්‌ දිගේ පහළ ගිය තැන වෝටන් පඬිවරයාගේ දේහය තැන්පත් කර තිබිණි. ඔහු මියගොස්‌ වසර 1269 කට පසු ඔහුගේ දේහය සොයා ගැනීමත් සමග ඒ අසලම තැන්පත් කර තිබූ ශිලා ලේඛන ගණනාවක්‌ සොයා ගැනීමට නූතන පුරාවිද්‍යාඥයන් සමත්ව ඇත. එම ලෙඛණ අතර 2012 වසරේ සිදුවන මහා විනාශය පිළිබඳ කියෑවෙන ශිලා ලේඛනය හමුවී ඇත. එම ශිලා ලේඛනය පාකල් වෝටන් පඬිවරයාගේ දේහයට සමීපව පැවති බව පුවත්පත් වාර්තා මගින් දැක්‌වේ. එමගින් පෙන්වා දී ඇත්තේ වසර 26000 ක විශ්ව කාල චක්‍රය තුළ කෙමෙන් පරිණාමය වන මානවයා හෝමෝ සේපියන්ස්‌ සේපියන්ස්‌ යුගයේදී ස්‌වභාව ධර්මයට පටහැනිව යැම නිසා ස්‌වභාව ධර්මයෙන් වෙනස්‌ වන බවය.
පාකල් වෝටන් පඬිවරයාගේ අනාවැකියෙන් පසු මෙම අනාවැකියට රැකුල් දෙන විශ්වයේ ක්‍රියාකාරිකත්වය සම්බන්ධ විද්‍යාත්මක පැහැදිලි කිරීමක්‌ද ඇතැම් විද්‍යාඥයන් මේ වන විටත් පෙන්වා දී ඇත.ඒ ලෝක විනාශයකට හෝ එවැනි බරපතල වෙනසකට මේ පෘථිවිය ලක්‌වීමට හේතුවන මන්දාකිණි පෙළගැස්‌මය. පෘථිවිය, සූර්යයා හා අප ජීවත්වන මේ ක්‍ෂීරපථයේ කේන්ද්‍රය 2012 වසරේදී එක පෙළට පැමිණීම නිසා වෙනත් මන්දාකිණියක ගුරුත්වාකර්ශනයට හසුවී මහා විනාශයක්‌ සිදුවන බවට එමගින් කියෑවේ. සෑම දෙසැම්බර් මාසයකම මේ ක්‍රියාවලිය සිදු වුවත් පරිභ්‍රමණ ක්‍රියාවලිය තුළම කේතු ආකාර මාර්ගයක චලිතය වන පෘථිවියේ අක්‌ෂය වසර 26000 කට පසු සූර්යයාගේ ඈතම පිහිටුම් ස්‌ථානයකට පැමිණීමට නියමිතව ඇත්තේ 2012 වසරේ දෙසැම්බර් 12 වනදා බව විද්‍යාඥයන් තහවුරු කරයි. ඒ සමගම අප ජීවත් වන ක්‍ෂිරපථයේ කේන්ද්‍රයේ පිහිටා ඇති විශාල කළු කුහරය පිහිටා ඇති තලයට සූර්යයා හා පෘථිවිය පැමිණෙන බවද කියෑවේ. එමගින් සිදුවන ගුරුත්වාකර්ෂණ බලය හේතුවෙන් පෘථිවියේ භ්‍රමණ අක්‌ෂය වෙනස්‌ වී ලෝකය විනාශව යනු ඇති බව ඔවුන් සැක පහළ කරයි. එහෙත් ඇතැම් තාරකා විද්‍යාඥයන් එම මතයටද විද්‍යාත්මක පදනමක්‌ නැතැයි කියමින් බැහැර කිරීමද සැලකිය යුත්තකි.
 නියත වශයෙන්ම 2012/12/21 වැනි කිවි දින ශ්‍රී ලංකා වේලාවෙන් ආසන්න වශයෙන් සවස තුන පමණ වන විට ලෝක විනාශය ආරම්භ වන අතර ලෝකයේ අනිකුත් ප්‍රදේශයන්ටද එම වේලාවට සමගාමීව මෙම ලෝක විනාශය සිදු වන්නට නියමිත බවත් ප්‍රකාශ කල අතර පෘතුවිය දෙසට ඇදී එන යෝධ ග්‍රහ වස්තුවක් පෘතුවිය හා ගැටීමෙන් එය සිදුවන බවත් ප්‍රකාශ ‍ෙකොට සිටියි.
මේ අතර තවත් පිරිසක් පවසන්නේ පෘතුවිය පිටසක්වල ජීව ප්‍රහාරයකට ලක්වෙමින් පවතින අතර එය 2015දී පූර්ණ යටත් වීමකට ලක්වන බවයි. පිටසක්වළ ජීවීන් නිරතුරුව පෘථිවිය ගැන ඇස් යොමුකර තිබෙන අතර මෙම ජීවීන් සමහර විට පෘථිවි ජීවීන් යොදාගෙන සමහර පර්යේෂණ සිදුකර තිබෙන බව ඉතිහාසය තුළින් සාක්‍ෂි තිබෙන බවත් මෙම පිටසක්වළ ජීවීන්ගෙන් බේරීමට එකම ආරක්‍ෂක පිළියම අධි පීඩනයෙන් ජලය විදිය හැකි උපකරණවලින් සන්නද්ධ වීම බවත් ප්‍රකාශ කොට තිබෙනවා.
මේ අතර රාවනා රජුගේ නැගිටීමක් ගැනද සමහර පිරිස් ප්‍රකාශ කරනවා. රාවනා රජු මිය ගියේ නැති බවත් දැන් නඅගිටිමින් සිටින බවත් ප්‍රකාශ වෙනවා.
මේ අතර සීබාවන් විසින් පෘතුවිය ආක්‍රමණය කරන බවත් මේ වන විටත් එය ඇරඹී ඇති අතර, විශ්වයේ ඈත සිට බලන පිටසක්වල ජීවීන්ට පෘථිවියේ පරිසර තත්ත්වයන් ඛේදනීය ආකාරයට වෙනස් වන බව නිරීක්‍ෂණය කිරීමට හැකි වී ඇති බවද මානව ශිෂ්ටාචාරය පාලනයෙන් තොර අන්තයකට ඇදී යන බවද ඔවුනට අවබෝධ වී ඇති හෙයින් විශ්වයට වඩා බරපතළ අනතුරු කිරීමෙන් මනුෂ්‍ය වර්ගයා වළකාලීම සඳහා පිටසක්වළ ජීවීන් විසින් මෙම දැඩි පියවර ගෙන ඇති නසා මෙම ආක්‍රමණය සිදු කරණ බවත් සදහන් කෙතාට තිබුණා.
පිටසක්වළ ජීවීන් වර්ග තුනකට බෙදා දක්වා තිබේ. ඒ මිනිසාට ප්‍රයෝජනවත් වන පිටසක්වළ ජීවීන්, ප්‍රයෝජනයක් හෝ අවැඩක් නැති පිටසක්වළ ජීවීන් හා මනුෂ්‍යයාට හිංසාකාරී පිටසක්වළ ජීවීන් වේ.
මේ අතර මෙම විනාශය නාසා ආයතනය දැන සිටි බවත් ඇමෙරිකානු ආරක්ෂක මණ්ඩලය විසින් මේ සදහා ක්‍රියා මාර්ග ගත්තද ඒව ප්‍රසිද්ධ නොකලේ ජනතාව බියවී විපරීත තත්වයක් ඇති වී නෙලා ගත හැකි ප්‍රතිඵල නෙලා ගැනීමට නොහැකි නිසාවෙනි යනුවෙනි.
මෙම කරුණු කෙසේ වෙතත් බරපතලම කරුණ වන්නේ මෙම කරුණූ සනාත කරන සිදු වීම් ශ්‍රී ලංකාව පුරා සිදු වීමයි. රතු පාට වර්ෂා ඇති වේ. රතු වැස්සට හේතුව පෘතුවියේ නොමැති බවත් එය පෘතුවියට භාහිරව පැමිණි දෙයක් බවත් විද්‍යාඥයන් ප්‍රකාශ කරයි. රට පුරා රාත්‍රී කාලයේ එලි දිස්වන උල්කාපාත පෘතුවියට වැටීම ඇඹී ඇත. අතර අම්පාර ප්‍රෙද්ශය දැන් සති ගනනාවක සිටි භූමි කම්පා තත්වයක් හට ගෙන ඇත. මේ අතර නාසා ආයතනය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ ඕනෑම මොහොතක මහ පොලවේ විනාශයක් සිදුකළ හැකි හානිකර උල්කාපාත 6,200 ක් පමණ පෘථිවිය වටා සැරිසරන බවයි. මීටර් 100 කට වඩා දිග පළළ උල්කාවන් පෘථිවියේ ගැටීමෙන් හානියක් සිදුකළ හැකි බව විශ්වාස කරන නාසා ආයතනය පෘථිවිය වටා සැරිසරන මෙවැනි හානිකර උල්කාපාත පිළිබඳව පෘථිවි වාසීන් කලබලයට පත්නොවිය යුතු බවද කියා සිටී.

ඇත්තෙන්ම අපගේ අවබෝධය අනුවනම් ඉහත කරුණු සියල්ලම සාවද්‍යයය. අද පෞද්ගලික දේපල ක්‍රමයක ජීවත්වන පෘතුවි වාසියාට හැර දමා යාමට නොහැකි බොහෝ දේ ඇත. එහි මූලයම මුදලයි එනම් පෞද්ගලික දේපොලයි. මිනිසාට මිනිසා විශ්වාස නැත. මිනිසාගේ අනන්‍යතාවයක් සාරයක් විමසුවහොත් ඔහුට පිළිතුරු දීමට ඇත්තේ වතු පිටි, ඉඩ කඩම්, නිවාස, ලැප් ටොප්, ජංගම දුරකථන, බැංකු ගිණුම්, ඩී.වී.ඩී., වීඩීයෝ ඇල්බම්, සවුන්ඩ් ක්ලිප්, ලාභදායි අන්තර්ජාල පැකේජ, ඇදුම් , සගරා කාර්, බයික්, අනියම් සබදතා, ආදියයි. මිනිසා උද්යෝගිමත් පෙළඹුමකට ලක්කොට ඇත්තේ මෙම දේපොලයි. මෙවන් අර්බුධකාරී (විහිළු සහගත) අවස්ථාවක තම ජීවිතය දෙසත් තම වර්ගයා සමග ඇති අනෝන්‍ය සබදතාවයත් විමසා බැලිය යුතු කාලයක් එලැබ ඇත. සමාජය තව දුරටත් මුදල් පසුපස හබා යන තත්වයක් තුල ලෝක විනාශය මිනිසාට කදිම විහිළුවකි. ඇත්තෙන්ම ඉහත ලෝක විනාශය සම්බන්ධව හෝ පිටසක්වල ආක්‍රමණ සම්බන්ධ සියළු ප්‍රකාශ කිසිදු වගකීමකින් කල ප්‍රකාශ නොවේ. ඒවා බොහොමයක් මතු වන්නේ ධනවාදයේ ඇති නොහැකියාව නිසා මිනසා තුල පිරී ඇති රික්තකය වසා ගනිමින් ව්‍යාජ ධනේෂ්වර උත්තේජනයක් ලබා ගැනීමට උත්සුක වන්නන්ගෙනි.
ඇත්තෙන්ම ලෝකය පුරා මෙවැනි හැගීම් අවධිවීම අපේ පාලකයින්ටනම් සමාද්ධිමත් යුගයකි. මක්නිසාද කිසිදු විරෝධයකින් තොරව ප්‍රෙට්‍රල් මිල රුපියල් 10 කින්ම ඉහල නැංවුවේය. රටිටුන්ට එය මතක් වන්නේ 2013 ලැබූ විටයි. කෙසේ නමුදු ලෝක විනාශය සම්බන්ධයෙන් පුවත් පතක පලවූ විද්‍යාත්මක ලිපියක්ද බලමු.
එහෙත් 2012 දෙසැම්බර් 21 වැනි දින ලෝක විනාශය සිදුවේයැයි කියන කතාවේ කිසිදු විද්‍යාත්මක සාක්ෂියක් සහිත පදනමක් නැත. එවන් මතයක් ගොඩනැගී ඇත්තේ ආදී අනාගත වක්තෘන් පලකළ අනාවැකියක් අනුවය. එම දිනයේ පෘථිවියේ ධ‍්‍රැව හුවමාරුවක් ඇති විය හැකි යැයි කියවී තිබුණත් යම් දවසක එය ඇතිවිය හැකි නමුත් එම දිනයේම එය ඇතිවේයැයි යන්න කිසිදු විද්‍යාත්මක පදනමකින් තොරවූවකි.
තවත් වසර බිලියන පහක් ඇවෑමෙන් ඉර විනාශ වීමෙන් ලෝක විනාශය සිදුවිය හැකිය. එසේ ඉර විනාශ වීමේ විද්‍යාත්මක පසුබිම සැකසෙන්නේ මේ අනුවය. පෘථිවියටත් සෞරග‍්‍රහ මණ්ඩලයටත් ශක්තිය සපයන සූර්යයාට ශක්තිය සපයන්නේ හයිඩ‍්‍රජන්ය. අනුමාන වශයෙන් තවත් වසර බිලියන පහකින් පසු සූර්යයා දහනය වීමට ඇති හයිඩ‍්‍රජන් අවසන් වී සූර්යයා මළ තාරකාවක් බවට පත්විය හැකිය. අද කහපාට තාරකාවක් ලෙස පවතින සූර්යයා ඒ අනුව යෝධ රතු තාරකාවක් බවට පත්වෙයි. එහි විශ්කම්භය ඉතා විශාලවෙයි.
සූර්යයාගේ අවසන් යුගයේදී හයිඩ‍්‍රජන් අණු හීලියම් අණු බවට පරිවර්තනය වීමේ වේගය ඉතා ඉහළ යයි. සූර්යයාගේ ප‍්‍රමාණය විශාල වී එය දැවැන්ත ප‍්‍රසාරණයකට ලක්වෙන්නේ එම පරිවර්තනය දරාගැනීමටය. සූර්යයාගේ වර්ණය මෙම ක‍්‍රියාවලියේදී රතු පැහැයට හැරෙයි. සූර්යයා විශාල වෙද්දී ඉන් නිකුත් කෙරෙන තාප ධාරිතාව ඉතා වැඩිවෙන අතර මේ හේතුවෙන් සූර්යයා විනාශ වීමට පෙර නිකුත් කෙරෙන අධික උෂ්ණත්වය හේතුකොට ගෙනද පෘථිවිය මත ඇති ජීවය වඳවී යා හැකියි. කෙසේ වුවත් අවසානයේ දැවැන්ත රතු යෝධයෙක් බවට පත්වෙන සූර්යයා තමාට ආසන්නයේ ඇති පෘථිවියත් ග‍්‍රහලෝකත් ගිල ගන්නට පටන් ගනියි.
සූර්යයා දහස් ගුණයකින් පමණ ප‍්‍රසාරණය වෙද්දී එයින් නික්මෙන අධික තාපය හේතුවෙන් පෘථිවියේ භූ ස්ථර ලාවා මෙන් උණු වී දිය වෙන්නට පටන් ගන්නා අතර උපරිම ලෙස ප‍්‍රසාරණය වූ සූර්යයා නැවත සංකෝචනය වීමේ ක‍්‍රියාවලියේ අවසානය වෙන්නේ සූර්යයා අධික ඝනත්වයක් සහිත කුඩා අඳුරු දහනය වීමට කිසිවක් නැති ගෝලයක් බවට පත්වීමයි.
සුදු වාමනයා  (White Dwart)ලෙස තාරකා විද්‍යාවේදී හඳුන්වන්නේ මේ ස්වභාවයයි. එහි ප‍්‍රමාණය පෘථිවියේ ප‍්‍රමාණයට ආසන්න වෙයි. එහෙත් එහි ඝණත්වය ඉතාමත් අධිකය. සෞරග‍්‍රහ මණ්ඩලයේ සෙසු ග‍්‍රහලෝක වලට බල ශක්තියක් සැපයීමේ හැකියාවක් මේ තත්ත්වයට පත්වූ සූර්යයාට නැති අතර මේ පසුබිම මත සෞරග‍්‍රහ මණ්ඩලය ජීවය නැති අන්ධකාර ප‍්‍රදේශයක් බවට පරිවර්තනය වෙයි.
පෘථිවිය මත ජීවය වඳවී යාහැකි යැයි විද්‍යාඥයන් විශ්වාස කරන තවත් විධි ක‍්‍රමයක් වෙන්නේ අඟහරුගේ සහ පෘථිවියේ කක්ෂ අතර එකිනෙක ගැටීමක්, නැත්නම් ඒවා ආසන්නයෙන් ගමන් කිරීමක් හේතුවෙන් ඇතිවෙන ගුරුත්ව තල්ලූවක් හේතුවෙන් පෘථිවිය තම කක්ෂයෙන් ගැලවී ඉවතට විසිවී යාමේ සංසිද්ධියයි. සෞර ග‍්‍රහ මණ්ඩලයේ ග‍්‍රහලෝක හිරුවටා පරිභ‍්‍රමණය වේ. කක්ෂ ඉතා ස්ථාවර ලෙස පවතින බව අප දුටුවත් දිගු කලක් ගතවෙද්දී එහිද සුළු වෙනස්කම් ඇති වී සෞර ග‍්‍රහ මණ්ඩලයේ අද ස්වභාවය වෙනස් වී මෙවැනි තත්ත්වයක් ඇතිවිය හැකිය.

විද්‍යාවට අනුව මෙයින් වසර බිලියන 13.7කට පෙර මහා පිපිරුමෙන් (Big Bang) විශ්වය ආරම්භ වූ අතර තවත් වසර බිලියන ගණනකින් එහි අවසානයද සිදුවිය හැකිය. විශ්වය ප‍්‍රසාරණය වන්නේ ඒ මහා පිපිරුමෙන් ලද ශක්තියෙනි. එහෙත් නැවත මේ විශ්වය සංකෝචනය වීමද යළිත් ඇරඹෙනු ඇත.
විශ්වය සංකෝචනය වීම යන දිගු ක‍්‍රියාවලියේ අවසාන අදියර වෙන්නේ විශ්වයේ මහා පිපිරීමට පෙර මොහොතකදී පැවැති ආකාරයෙන් මුළු විශ්වය ඇල්පෙනිති හිසක් තරමේ කුඩා ලක්ෂයකට කැටි වීමයි. මේ මහා හැකිළුම පෘථිවියේ පමණක් නොව මුළු විශ්වයේම අවසානය බවට පත්වෙයි. එහෙත් මේ අයුරින් මුළු විශ්වයම විනාශ වීමට තවත් වසර බිලියන තිහක් තරම්වත් කාලයක් ගතවෙනු ඇත.
ඇතැම් විද්‍යාඥයන් දක්වන මතයක් වන්නේ විශ්වය නැවත සංකෝචනය නොවී දිගටම ප‍්‍රසාරණය විය හැකි බවයි. මහා දිගහැරුම ( Big Rip) ලෙස මෙය හඳුන්වයි. මෙහි අවසන් අදියර විශ්වය මළ විශ්වයක් බවට පත්වීමයි.
මෙයින් වසර මිලියන හයසියයකට පෙර පෘථිවිය පැවතියේ සම්පූර්ණයෙන්ම අයිස් වලින් ආවරණය වීය. එදවස පෘථිවියේ ගස්කොළන් නොපැවති අතර මිහිමත සිටියේ ඒක ෙසෙල ජීවීන් පමණි.
වසර මිලියන 65කට පෙර විශාල උල්කාපාතයක් ගැටීමෙන් මේ පොළොවේ සිටි ඩයිනසෝර්ලා විනාශ විය. එය ලෝක විනාශයක් ලෙස අර්ථ දැක්විය හැකිය.
අපේ පෘථිවියට තර්ජනයක් එල්ල කළ හැකි යැයි මේ වෙද්දී සොයාගත් එකම ග‍්‍රාහකය වෙන්නේ ඇපෝෆිස්ය. වර්ෂ 2036 දී එයින් පෘථිවියට හානියක් සිදුවීමට ඇති ඉඩකඩෙහි සම්භාවිතාව ඉතා අල්පවෙයි. එමෙන්ම නාසා ආයතනය මේ වෙද්දී පෘථිවියට හානිකළ හැකි උල්කාපාත පිළිබඳව ගවේෂණය කරමින් ඒවා සොයා ගනිමින් ඒවා පෘථිවියේ නොගැටෙන්නට වෙනදිශාවකට තල්ලූ කරමින් පෘථිවිය විනාශ වීමට අවස්ථා ඇත්නම් ඒවා මග හරවා ගනියි.
(Gamma-Ray) පිපිරුමක් නැත්නම් කළු කුහරයක් පෘථිවියට පැමිණීමේ සම්භාවිතාවද ඉතා අඩුය. ඇන්ඩ්‍රොමීඩා චක‍්‍රාවාටය යනු පෘථිවියට ආසන්නම විශාල චක‍්‍රාවාටයකි. එය පෘථිවිය හා ගැටීමටද වසර මිලියන ගණනාවක් ගතවෙනු ඇත.
එමෙන්ම ගිනිකන්දක් පිපිරීම හේතුවෙන් ඇමෙරිකාවේ බාගයක්ම විනාශ වී යා හැකි වුවත් එය සිදුවීමටද තවත් වසර බොහෝ ගණනක් ගතවෙනු ඇත.
සියල්ල සාරාංශ කොට විද්‍යාත්මක ප‍්‍රවේශයක සිට ඉතා පැහැදිලිව සඳහන් කළ හැක්කේ 2012 දෙසැම්බරයේදී ලෝක විනාශය සිදුවීමේ කිසිදු විද්‍යාත්මක සාක්ෂියක් හෝ පදනමක් නැති බවයි. එහෙයින් ලෝක විනාශය සිදුවේයැයි යන අනියත බියෙන් වැලකී තම දෛනික ජීවිතය සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාම වඩාත් ඵලදායි වෙයි.

No comments:

Post a Comment