Monday, December 17, 2012

බෞද්ධ භික්ෂූන්ගේ ආහාර වට්ටෝරුව ප්‍රසිද්ධියට - මහින්ද චින්තනයේ ප්‍රතිඵලයක්


බෞද්ධ භික්ෂූන්ට කලක සිටම පැවති මහත් ගැටලුවක් වූයේ තම ආහාරය අනෙකා මත තීරණය වීමය. දායකයින් දානය ලබා දෙන්නේ කෙසේද එය ආහාරයට ගැනීම බෞද්ධ භික්ෂුවගේ සිරිතයි. එහි ඇති අඩු පාඩු හොද නරක බෞද්ධ භික්ෂූන් කල්පනා නොකරන්නේ ආහාරය පිළිබද ඇල්මක් බැදීමක් නොමැති නිසාය. එහි අරමුණ කුසට අහරක් මිස එහි ඇති රස නීරස පිළිබද බැදීමක් නොමැති නිසා දායකයන් දෙන ඕනෑම අහරක් සොයාබැලීමකින් තොරව අහාරයට ගන්නා නිසාත් දායකයාගේ වත්කම අනුව දානයේ ගුණාත්මක භාවය රැදෙන නිසාත් බෞද්ධ භික්ෂුවගේ සෞබ්‍ය පිරිහීමකට ලක්වී ඇති බව
සෞබ්‍ය අමාත්‍යාශය විසින් සොයා ගෙන ඇත. දිනක් රෝහල් කිහිපක සංචාරයක යෙදුනු ජනපති මහින්ද රාජපක්ෂ මහතා රෝහල් තුල භික්ෂු වාට්ටුවල රෝගීන් වැඩි වෙමින් පවතින බවත් ඒවායේ පහසුකම් රොගීන් වැඩිවන තත්වය නිසා පුලුල් කල යුතු බවත් හදුනා ගත්තේය. නමුත් මහින්ද රාජපක්ෂ මහතා ඉතා බුද්ධිමත්ව කල්පනා කරමින් භික්ෂු වාට්ටු දියුණු කරනවාට වඩා මෙම වාට්ටුවලට භික්ෂූන් පැමිනීම නවතා දැමිය යුතුයි කියා බෞද්ධ භික්ෂූන් වහන්සේ සඳහා සෞඛ්‍ය සම්පන්න ආහාර වට්ටෝරුවක් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් වහා හදුන්වා දිය යුතුයැයි ප්‍රකාශ කළේය. මෙවැනි අදහසක් ශ්‍රී ලංකාව පාලනය කල කිසිදු රජකෙනෙකුටවත් පහල නොවී ඇති බව පැවසූ  සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා බෞද්ධ භික්ෂූන් වහන්සේගේ දානය සඳහා සෞඛ්‍ය සම්පන්න ආහාර වට්ටෝරුවක් හදුන්වාදීමට යුහුසුලුව ක්‍රියාත්මක විය. 

ඒ අනුව සකස් කළ ආහාර වට්ටෝරුව කාණ්ඩ තුනක් යටතේ වර්ග කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය. 

ශක්ති ජනක,
ශරීර වර්ධක,
ආරක්ෂක ආහාර
ලෙස එම වර්ග කිරීම සිදුකර තිබේ. 

අදාළ ආහාර වට්ටෝරු දිවයිනේ සියලුම විහාරස්ථාන වෙත ලබාදීමට කටයුතු කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය. 

ඒ අනුව ඉදිරියේ දී භික්ෂූන් වහන්සේට දානය සකස් කිරීමේ දී සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් හඳුන්වාදුන් ආහාර වට්ටෝරුව අනුගමනය කරන ලෙස දායකයින්ගෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය ඉල්ලීමක් කරයි.

No comments:

Post a Comment