Monday, December 17, 2012

ශිෂ්‍යත්වේ ප්‍රශ්ණ පිටවුනා O/L ප්‍රශ්ණත් පිටවුනා ඒත් අපි මහින්ද චින්තනය සමගයි


මේ දිනවල පැවැත්වෙන අ.පො.ස/සා.පෙළ විභාගයේ විද්‍යා ප්‍රශ්න පත්‍රය පිටවී ඇතැයි එම විභාගයට පෙනී සිටින සිසුන් හා ඔවුන්ගේ දෙමව්පියෝ පවසති. සාමාන්‍ය පෙළ පාසල් ආචාර්යවරුන්ද පවසන්නේ මෙම ප්‍රශ්න පත්‍රය පිටවී ඇතැයි යන්න සම්බන්ධයෙන් බරපතල සැකයක් මතුවන බවයි.
රට පුරාම පෞද්ගලික පන්ති පවත්වන ගුරුවරයකු අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයේ විද්‍යා ප්‍රශ්න පත්‍රයට පෙර ඔහුගේ
පන්ති සිසුන් අතර බෙදා දුන් ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 18ක් විභාග දෙපාර්තමේන්තු ප්‍රශ්න පත්‍රයේ ඒ ආකාරයෙන්ම සඳහන්ව ඇති බව ලංකා ගුරුසේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතාද පවසයි. එහි රූප සටහන්ද සමානව තිබූ බවත් ඒ මහතා පවසයි.
පසුගිය 05 වසර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍ර පිටවීමේ සිදුවීමේදී විභාග කොමසාරිස්වරයා ක්‍රියා කළ ආකාරයෙන්ම අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයේ විද්‍යාව ප්‍රශ්න පත්‍රය කලින් පිටවීදැයි සොයාබැලීමට රහස් පොලීසියට පවරන බව විභාග කොමසාරිස් ජෙනරාල් එන්. කේ. එම්. ජේ. පුෂ්පකුමාර මහතා මාධ්‍ය වෙත පවසා ඇත.
ගම්පහ පාසල් කිහිපයකම සිසු සිසුවියන් විභාගය පැවති ඊයේ (15) උදෑසන විභාගය ආරම්භ වීමට ප්‍රථම මෙම ප්‍රශ්න පත්‍රය සාකච්ඡා කළ බව සිසුහු සහ ගුරුවරු පවසති.
මේ සම්බන්ධව අදහස් දක්වමින් ලංකා ගුරුසේවා සංගමය පැවැත්වූ මාධ්‍ය සාකච්ජාවේදී දැක්වූ අදහස් පහත පරිදි වේ.
"ඔබ කව්රුත් දන්නවා මේ වන විට සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන බව. ඊයේ (15) වන විට විෂයන් පහක් අවසන් වී තවත් විෂයන් හතරක් පමනයි පැවැතැවීමට නියමිතව තිබෙන්නෙ. දැනට පවත්වනු ලැබූ සමහර විෂයන් වල තොරතුරු ළමුන් අතට පත්ව ඇතැයි කටකතා අහන්නට ලැබිලා තියෙනවා. නමුත් ඒ කටකතා මත පදනම් වෙලා රටට යමක් කියන්න අපට පුලූවන් කමක් තිබුනෙ නෑ. ඊයෙ දවසෙ අවසන් වුනා,විද්‍යාව පළවෙනි ප‍්‍රශ්න පත‍්‍රය හා දෙවන ප‍්‍රශ්න පත‍්‍රය. එය පැවැත්වුනා ඊයේ උදෑසන 8.30 සිට දහවල් 1.30 දක්වා. එම විභාගය අවසන් වීමත් සමගම රටේ මතු වුනා මහා ආන්දෝලනාත්මක තත්වයක්. එහි තිබුනු සමහර ප‍්‍රශ්න මුද්‍රණයේ වෙනසක්වත් නොමැතිව මීට පෙර බෙදාහැර තිබුනා එක්තරා උපකාරක පන්ති ගුරුවරයකු විසින්. අපි පසුගිය කාලෙ දිගින් දිගටම ජාතික විභාග පද්ධතියෙ තියෙන දුර්වල කම් ගැන අවධාරණය කරා විභාග දෙපාර්තමේන්තුවේ තියෙන අඩුපාඩුකම්. ඒ වගේම විභාග පද්ධතිය පවත්වාගෙන යාමේදී අතිවන ගැටලූ අපි පෙන්වා දුන්නා. මේකෙන් හරි පැහැදිලියි අපි මේ පිළිඹදව කරපු අනාවරණ කිසිවක් අදාළ බලධාරීන්ගෙ පැත්තෙන් අවධානයට ගෙන නැති බව. ඊයෙ ලබාදුන් විද්‍යාව පළවෙනි ප‍්‍රශ්න පත‍්‍රයේ පිළිතුරු සැපයීමට ප‍්‍රශ්න හතලිහක් තිබුනා. එම ප‍්‍රශ්න වලින් විසි දෙවන ප‍්‍රශ්නයේ සිට හතලිස්වන ප‍්‍රශ්නය දක්වා ප‍්‍රශ්න දහනවයක් ඒ විදියටම ඊට කළින්විද්‍යාවේ මහා ගෙදර,වසර ගණනාවක විශේෂඥ දැනුම හා අත්දැකීම් පදනම් කරගෙන පසුගිය වසර වල මෙන්ම මෙවරද මෙම අනුමාන ප‍්‍රශ්න පත‍්‍රය සපයනු ලබන්නේ විද්‍යාවේ මහා ඇදුරු විසින් කියලා. මෙම විද්‍යාවේ මහා ඇදුරු මීට කලින් සපයළා තියෙනවා ප‍්‍රශ්න පනහක්. ඒ ප‍්‍රශ්න වලින් සමහර ප‍්‍රශ්න වලට ඔහු දාල තියෙනවා විශේෂ ලකුණක්ඒ තමයි හිනා මුහුණක්. එය හැම එකටම නෑහැ. ප‍්‍රශ්න පනහෙන් විසි හයකට පමණක් තියෙනවා එම හිනා මුහුන. එම ප‍්‍රශ්න විසිහයෙන් දහනවයක්ම ඊයෙ ලබාදුන් විද්‍යාව පළවෙනි ප‍්‍රශ්න පත‍්‍රයේ තියෙනවා. ඒවායින් පශ්න දෙකක තියෙනවා සුළු වෙනසක්ඒ තමයි විසිදෙවන ප‍්‍රශ්නයේ වරණ දෙකක පමණක් වෙනසක් කර තිබෙනවා. නමුත් ප‍්‍රශ්නයේ කිසිඳු වෙනසක් නෑ. එය එහෙම්පිටින්ම සමාන්‍යයි. විසිතුන්වන ප‍්‍රශ්නයේත් ප‍්‍රශ්නය එහෙම්පිටින්ම සමානයි. එහි තිබෙනවා සෙන්ටිගේ‍්‍රඩ් අංශක තිහ කියලා වරණයක්. ඒ වෙනුවට ඔහුගේ තියෙන වරණය තමයි සෙන්ටිගේ‍්‍රඩ් අංශක තිස්පහ. මේ වෙනස්කම් දෙක හැර කිසිඳු වෙනසක් ඔහු ලබාදුන් අනුමාන ප‍්‍රශ්න පත‍්‍රයේ නැහැ.
අපි අහනවා මේ විදියට අනුමාන කළ හැක්කේ කුමන සත්වයාටද විභාග ප‍්‍රශ්නපත‍්‍රයක් ? ප‍්‍රශ්න හතලිහයිඑයින් දහනවයක්ම අනුමාන කර තිබෙනවාප‍්‍රශ්න දෙකක සුළු වෙනස්කම් දෙකක් හැරෙන්නට ඉතිරි දාහතම සමාන වී තිබෙනවා. සමහර විද්‍යාත්මක කැරුණු අපි හිතමු අනුමාණ කරා කියලානමුත් මේ විදියට අකුරක්වත් වෙනස්වෙන්නෙ නැතුව අනුමාණ කරන්න පුලූවන් කමක් නෑ අපි විස්වාස කරණ වදියට. මේකෙ ප‍්‍රශ්න දෙකක් තියෙනවා ඒවා මෙහෙමයි. අධිවේගී මාර්ග වනාන්තර ප‍්‍රදේශ හරහා තැනීමෙන් වනජීවීන් සංචරණය කරණ ස්වභාවික මන්පෙත් ඇහිරෙයිමෙය ජෛව විවිධත්වයට බලපෑම් අති කරයි ,මෙයට පිළියමක් ලෙස වඩාත් සුදුසු වන්නේප‍්‍රශ්නය ඒකමයි. ඔහු ඊයේ මාධ්‍යට ඔහුගේ පැත්තෙන් ප‍්‍රකාශයක් ඉදිරිපත් කර තිබෙනවාඔහු අභියෝග කර තිබෙනවාමම විද්‍යාවේ මහා ඇදිරි`දුවරයෙක් ඒ නිසා මට මෙවැනි අනුමාණ කිරීම් කළ හැකියි කියා. අපි අහනවා මෙවැනි ප‍්‍රශ්න කොහොමද අනුමාණ කරන්නෙ කියලාමෙවැනි ප‍්‍රශ්න අකුරක්වත් නෑර අනුමාණ කරන්න තරම් කෙතරම් බුද්ධිමතෙක්ද ඔහු එතකොට. අනිත් ප‍්‍රශ්නය හතලිස් වන ප‍්‍රශ්නයබුන්දලආණවිලූන්දාව වැනි ශ‍්‍රී ලංකාවේ කරදිය ආශ‍්‍රිත තෙත් බිම් ලෝක උරුම ලෙස පිළිගෙන ඇතිආවේණික ජීව විශේෂ පැවතීම මෙන්ම විශාල ලෙස සංචාරක පක්ෂීන් පැමිනීමද මේවායේ විශේෂ ලක්ෂණ වෙයි එවැණි තෙත් බිමකට ජළ යෝජනා ක‍්‍රමයකින් පිටවන මිරිදිය එක්වීමෙන් සිදුවිය හැකි හානිය නිවැරදිව විස්තර කෙරෙන ප‍්‍රකාශය තෝරන්නකියලා ප‍්‍රකාශ හතරක් දී තිබෙනවා. එම ප‍්‍රශ්නය ඒ අයුරින්ම ඔහුගේ අනුමාන ප‍්‍රශ්න පත‍්‍රයේ හතලිස් නව වන ප‍්‍රශ්නය ලෙසට ලබා දී තිබෙනවා. අපි අහනවා මෙහෙම අනුමාණ කරන්න පුලුවන් කාටදමොන ජගතෙකුටදමේ ප‍්‍රශ්න දෙක විශේෂයෙන් අරන් පෙන්නුවේමේ ප‍්‍රශ්න දෙක විද්‍යාවේ සාමාන්‍ය දැනීම මැනීම සඳහා ලබා දී තිබෙන ප‍්‍රශ්න. තවත් ප‍්‍රශ්න තිබෙනවා ඒවා සමහර විද්‍යාත්මක කරුණු. ඒ වගේ ඒවා සමාන වෙන්න පුලුවන් මොකක් හරි කරල උපකල්පනය කරා කියලා හරි හිතමුකොඒ කිසිම ප‍්‍රශ්නෙක රූප සටහන් වල වත් කිසි`දු වෙනසක් නැහැ. මේ වෙනකොට අපොස සා/පෙළ විභාගය සඳහා ලංකාව පුරාම ශිෂ්‍ය ශිෂ්‍යාවො 542,260 ක් පෙනී සිටිනවා.
මෙවැනි සිදුවීම්වලින් බරපතල හානිය වෙන්නෙ ඒ සියළුම දෙනාට. අපි මීට කලින් සිටම අධ්‍යාපන අමාත්‍යාංශයෙ සිදුවෙන බරපතල අකටයුතුකම් ගැන කියා සිටියා. පසුගිය ශිෂ්‍යත්ව විභාගයේදී අපි එම සිදුවීම් හෙළිදරව් කරා. නමුත් අවසානයේ වුනේ මොකක්දලංකා ගුරු සේවා සංගමය මගින් හෙළිදරව් කරපු සිදුවීම් සම්බන්ධයෙන් පරීක්‍ෂණ නොරක මාව දඩු කඳේ ගහන්න උත්සාහ කරා. මේක තමයි ආණ්ඩුව මගින් ඒවට දීපු පිළිතුර. නමුත් දැන් නැවතත් අපි කියපු කාරණා තහවුරු වෙනවා මෙවැනි සිදුවීම් මගින්. ඒ නිසා අපි කියනවා මේ සිදුවීම් ගැන විභාග දෙපාර්තමේන්තුවත්අධ්‍යාපන අමාත්‍යාංශයත් සාධාරණ පරීක්‍ෂණයක් කළ යුතුයි. එහෙම සාධාරණ පරීක්‍ෂණයක් කරල රටට ඇත්ත කරුණු හෙළිදරව් කළ යුතුයි. එහෙම නැතුව නිකම්ම නිකම් වාර්තා ඉදිරිපත් කරලා මෙවැනි බරපතල සිද්ධීන් වලට විසඳුම් සොයන්න බැහැ.
542,260 කට වෙලා තියෙන බරපතල අසාධාරණයට අධ්‍යාපන අමාත්‍යාංශය විසඳුම් ලබා දිය යුතුයි. එහෙම නැතිව පසුගිය කාලෙ මේ වගේ සිදුවීම්වලදි අධ්‍යාපන ඇමතිවරයා ඒව යට ගහන්න කියපු කථා කියලා මේක යටගහන්න සූදානම් වෙන්න එපා."

No comments:

Post a Comment