Sunday, December 16, 2012

නීතිඥයන් අතර ව්‍යවස්ථාපිත ඒකාධිපති ජනපති මහින්දගේ සැලසුමට හූ... සංග්‍රහයක්


රජයේ දැඩි ප්‍රෙකා්පය මැද අද (15) අළුත්කඩේ උසාවි පරිශ්‍රයේ පැවති ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ මහසභා රැස්වීම හැකි සෑම අයුරකින්ම කඩා කප්පල් කිරීමට රජය ක්‍රියා මාර්ග රැසක් ගත් අතර, එහි මෙහෙයුම් කටයුතු ව්‍යවස්ථාපිත ඒකාධිපති ජනපති මහින්ද රාජපක්ෂ මහතා අතින්ම සිදුවිය. ජනමාධ්‍ය උපයෝගී කරගනිමින් නීතිඥයන්ට කොටි ලේබල් ඇලවූ අතර තම හොරිකඩ මාධ්‍ය ඒ සදහා උපරිමයෙන් යොදවා අවසන නීතිඥ සංගමයේ මහා සභාව අතර මැද කඩා කප්පල් කිරීමට  සෞඛ්‍යය නියෝජ්‍ය අමාත්‍යනීතිඥ ලලිත් දිසානායක මහතාට යෙදවීය.
උපදෙස් රැසක් දී තවත් නීතිඥ කණ්ඩයමක් සමග සභාවට යැවූ ලලිත් දිසානායක මහතා එම මහසභා රැස්වීමේදී අතර මග නැගී සිට යම් අදහසක් ප්‍රකාශ කිරීමට තැත් කර තිබේ. එහිදී ඔහුට කියාගැනීමට හැකිවී ඇත්තේ "මමත් මේ දෝෂාභියෝග යෝජනාවට අත්සන් කළ අයෙක් ..." යන්න පමණි. ඒත් සමගම එම ස්ථානයේ රැස්ව සිටි 2000කට අධික නීතීඥයින් හූ හඬ නගා ඇත. එහිදී අමාත්‍යවරයා වෙනත් කිසිවක් කියාගත නොහැකිව ඉතා ලජ්ජාසහගත ලෙස මුහුණ පහත්කරගෙන වාඩිවී තිබේ. ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාපිත ඒකාධීපති ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ චින්තනය එසේ පරාජයට පත් වූ අතර ශ්‍රී ලංකා නීතීඥ සංගමය ඒකමතිකව සම්තකර ගත් විශේෂ යෝජනා 03ට එරෙහිව කිසිඳු ක්‍රියාමාර්ගයක් ගැනීමට නොහැකි විය.

කෙසේ නමුදු 3000කට අධික සාමාජිකයින්ගෙන් සමන්විත ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ මහ සභා රැස්වීම අළුත්කඩේ පරිශ්‍රයේදී පැවැත් වූ අතර එහිදී අගවිනිසුරු ආචාර්ය ශිරා‍ණි බණ්ඩාරනායක මහත්මියට එරෙහි දෝෂාභියෝ‍ගයට සම්බන්ධ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් යෝජනා තුනක් ඒකමතිකව සම්මත කර‍ගෙන තිබේ.
01. 2012.12.11 වෙනිදා ජනාධිපතිවරයා විසින් කළ කතාව පරිදි පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාව විසින් අගවිනිසුරු ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මියට එරෙහිව ‍ගොනුකරනු ලැබූ වාර්තාව නැවත සලකාබැලිය යුතුයැයි ජනාධිපතිවරයා විසින් කළ ප්‍රකාශය අනුව එය නැවත සලකා බැලිය යුතුය.
02. ඉහත දෝෂාභියෝගය සම්බන්ධයෙන් ස්වභාවික යුක්ති මුලධර්මය පදනම් වන පරිදි ක්‍රියාපටිපාටික නීතීන් ස්ථාපිත කළ යුතු යැයි කථානායකවරයාට සහ ජනාධිපතිවරයාට බලකර සිටී
03. ස්වභාවික යුක්ති මූලධර්මය මත පදනම්ව පැවැත්වෙන සාධාරණ නඩු විභායකින් තොරව වත්මන් අගවිනිසුරුවරිය ඉවත්කරන්නේනම් සහ ඒ මත පදනම්ව නව අගවිනිසුරුවරයෙකු පත්වන්නේනම් එම තැනැත්තා හෝ තැනැත්තිය අගවිනිසුරු ලෙස ශ්‍රී ලංකා නීතිඥ සංගමය පිළිනොගනී.


No comments:

Post a Comment