Saturday, December 15, 2012

රතු වැස්සට හේතුව රතු මුහුදේ රතු ඇල්ගී


රතු වැස්ස පිළිබද විවිධ මත පලවන අතර තරමක් පැරණි වුවත් ලංකිකයන්ට අලුත් මතයක් වන්නේ මෙම වැස්සට හේතුව රතු මහුදේ රතු ඇල්ගී අහසුට මුසු වී සෑදුනක් බවයි. නමුත් මෙම මතය පරාජය වූයේ ශී‍්‍ර ලංකාවට ඇද හැළුණු රතු වැස්සේ සාම්පලවල ආසනික් හා රිදී අඩංගු බවට කාර්මික තාක්‍ෂණ ආයතනය කළ හෙළිදරව්වත් සමගයි. ඒ අනුව දැන් ඉහල ආකාශයට ආසනික් හා රිදී ඇතුල් වූයේ කෙසේ දැයි ප්‍රශ්ණයක් මතු වී ඇත.
මේ පිළිබදව මහාචාර්ය චන්ද්‍රා වික‍්‍රමසිංහ පවස සිටියේ
මෙම වැසි ජලයේ ආසනික් හා රිදී අඩංගු නිසා මෙම වැස්ස පොළොව මතුපිටින් වලාකුළුවලට එකතු වූ ද්‍රව්‍ය නිසා හටගත්තේ නම්, එහි කිසිසේත්ම ආසනික් වැනි බැර ලෝහ අධි සාන්ද්‍රණය වී තිබෙන්නට නොහැකි නිසා රතු වැස්සේ අඩංගු දෑ පිටසක්වල සිට පැමිණීම ස්ථිර බවයි.
 ‘‘මීට වසර මිලියන 65කට කලින් ඩයිනෝසරයන් මෙලොවින් තුරන් කිරීමට හේතුවූ උල්කාපාතවලත් ආසනික් හා ඉරිඩියම් යන මූලද්‍රව්‍ය දෙක අඩංගු වුණා. ඒ නිසා රතු වැස්සේ සාම්පලයකින් බැර ලෝහ හමුවීම, ඒවා අභ්‍යවකාශයේ සිට පැමිණි බව තහවුරු කෙරෙන අරුම පුදුම හෙළිදරව්වක්’’ යැයිද මහාචාර්ය චන්ද්‍රා වික‍්‍රමසිංහ වැඩිදුරටත් සදහන් කළේය.
ගිනි කදුවලින් පිටවනු රසදිය මෙහි අඩංගු වන්නේ යැයි තව මතයකි.

No comments:

Post a Comment