Saturday, December 15, 2012

මහා කුමන්ත්‍රණයක්! රට විනාසයි, දෙමළ ඩයස්පෝරාවේ මුදල් නීතිඥයන් අතට, රජය සීරුවෙන්


කිසිදු සදාචාරමය ආකාරයක පාලනයක් ඒකාධිපති පාලකයෙක් පවත්වාගෙන යනු නොලබන්නේය. ශ්‍රී ලංකාවේදී එම පාලනය සුළුවෙන් හෝ ප්‍රශ්ණ කිරීම ඩයස්පොරාවෙන් මුදල් ගැනීමකි. ධනපති දෘෂ්ටියට අනුව වගා කරන චින්තනමය ක්‍රියාවලිය පෝෂණය කිරීමට ග්‍රී ලංකාව අනුගමනය කරන මෙම ඩයස්පෝරා මුදල් න්‍යාය, ධනපති දේශපාලනයේ දුබල කම මවා පෑමකි.  මෙම චින්තන ධාරාවේ ප්‍රභලයා වූ ස්වාධීන රූපවාහිනිය ඒකාධිපතියාට වචනයකින් හෝ එරෙහි වීම ඩයස්පෝරා මුදල් ගිලීමක් වශයෙන් හදුන්වවයි.  ඒ අනුව දෙමළ ඩයස්පොරාවෙන් මුදල් ගත්
නීතීඥයන් කිහිප දෙනෙක් රට අස්ථාවර කිරීමට අගවිනිසුරු සිද්ධිය මත පදනම්ව කුමන්ත්‍රණයක් සිදු කොට ඇති බව රජයේ ප්‍රවත්ති මගින් (විශේෂයෙන් ස්වාධින රූපවාහිනී පුවත් මගින්) විකශණය කරනා අතර අතර එහි සුල මුල මේ වන විට රජය මගින් සොයාගෙන ඇති අතර එම රහසිගත ලියැවිල්ලේ කෙටසක් ඉහත රෑපයේ ඇත.
අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක මහත්මිය වැරදිකරු කොට තිබියදී ඇතැම් බලවේග මෙම නීත්‍යානුකූල ක්‍රියාව දඩ මීමා කර ගනිමින් රටට එරෙහි කුමන්ත්‍රණයක් දියත් කොට ඇති බවත්, මෙම දැවැන්ත කුමන්ත්‍රණය සදහා ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ හදිසි මහ සභාව අද ඒකරශී වන අතර එහිදී උසාවි වර්ජනයකට යන බවද රජයට තොරතුරු ලැබී පවතින බවත් මෙමගින් විකාශණය වේ.
රජයේ ආරංචි මාර්ග සදහන් කරන්නේ අද දින මෙම මහා සභාවට සහභාගීවීමට නියමිත නීතීඥයන්ට හෝටල් පහසුකම් ලබ දීමට දෙමළ ඩයස්පෝරාවේ ලක්ෂගනන් මුදල් ලැබී අතර මේ හරහා රට ඉතා අනතුරකට පත් වී ඇත.  අගවිනුසුරු වරිය භාවිතා කරමින්  රජය ලබා දුන් නිවැරදි තීන්දුව දේශපාලනීකරනය කරමින් ඒ අනුව කොටි පැරදූ ආණ්ඩුව පෙරලා කොටි හිතවාදී ආණ්ඩුවක් සෑදීමට සූදානමක් ඇත.  ඒ අනුව රට රැක ගැනීමට පෙරට එන ලෙස රජය ජනතාවගෙන් ඉල්ලයි.

1 comment:

  1. අනේ මහත්තයෝ ඔය ලණු නම් අපි කන්නේ නෑ,මේ ලිපිය ලියපු එකා මොකෙක් උනත්,ඌ හොදට ආණ්ඩුවට කඩේයන එකෙක් කියල නම් පේනවා..

    ReplyDelete