Saturday, December 15, 2012

ජපාන මැතිවරණය යුධවාදයෙන් කැළඹෙද්දී 94 වයසැති රියෝකිචි මැතිවරණයට තරගකරමින් සාම පණුවුඩය රැගෙන් ඒ


දෙසැම්බර් 16 මැතිවරනය සඳහා ජපානය තුල ගෙනයනු ලබන මැතිවරණ ව්‍යාපාරය ජාතිකවාදය හා යුදවාදය මතුකරන්නේ චීන විරෝධය සමගිනි. එක්සත් ජනපදයෙන් වඩා ස්වාධීන විදේශ පිලිවෙතක් හා චීනය සමග වඩා සමීප සබඳතා වෙනුවෙන් පෙනී සිටි ඩීපීජේ නායක යුකි ඕ හටොයමාට 2010 වසර මැදදී ඉල්ලා අස්වීමට වොෂිංටනයේ කි‍්‍රයාකලාපය තීරනාත්මක වූ අතර  ඔහුගෙන් හිස්වූ අගමැති ධුරයට පත් වූ නඔටෝ කාන්, වහාම එක්සත් ජනපදය සමග සන්ධානයට සිය සහහෝගය සහතික කල අතර 2010 සැප්තැම්බරයේ දී සෙන්කකු/ඩිආඔයු දූපත් සම්බන්ධයෙන් චීනය සමග ප‍්‍රධාන රාජ්‍
යතාන්ති‍්‍රක ගැටුමක නිරත වූ අතර ජපාන දේශපාලනයේ දක්ෂිනාංශික හැරීම මුලු කලාපයම යුධ සූදානමකට හැරවීය.
එල්ඩීපී නායක ෂින්සො අබේ, "සාමූහික ස්වයං-ආරක්ෂක කටයුතුවලට සහභාගි වීමට හැකිවන පරිදි "ස්වයං-ආරක්ෂක හමුදා නිත්‍ය මිලිටරි හමුදාවක් බවට පරිවර්තනය කිරීමේ ව්‍යවස්ථාමය වෙනස සඳහා පෙනී සිටින්නේ  ජපානය අයිතිවාසිකම් කියන සියලු භූමි ප‍්‍රදේශ ආරක්ෂා කිරීම ත්  සාමයට එරෙහි යුද්ධ වලට ජපානයට මැදිහත් වීමට ඇති හැකියාවත් පිළිබද සුභවාදී බලාපොරොත්තු ලබා දෙමිනි.
මේ අනුව ජේආර්පී නායක ෂින්ටාරෝ ඉෂිහාරා, දෙවන ලෝක යුද්ධයේ අවසානයෙන් පසුව එක්සත් ජනපදය විසින් සකස් කරන ලද "වාඩිලෑමේ ව්‍යවස්ථාව මුලුමනින් ම ඉවත දැමීමක් ඉල්ලා සිටින අතර ජපානය තමන්ගේම න්‍යෂ්ටික අවි නිපදවීමට සලකාබැලිය යුතු බවට ද යෝජනා කර තිබේ.

මේ අතර ජපාන මහ මැතිවරණය ප්‍රචාරණ කටයුතු වල යෙදි සිටින එක් අපේක්ෂකයකු 94 වැනි වියේ පසුවන අතර ඔහු සිය මැතිවරණ ඇප මුදල වෙනුවෙන් යොදාගෙන ඇත්තේ තමාගේ අවමංගල කටයුතුවෙනුවෙන් ඉතිරි කරගත් මුදල බව වාර්තා වී තිබේ.
රියෝකිචි කවෂිමා නම් ඔහු ජපාන පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත්ව සිටින වයස්ගතම පුද්ගලයා වෙයි. තරුණ පරපුර හැමදෙයක්ම අවුල් කරගෙන ඇති බැවින් එය අත්හිටුවීම සඳහා දේශපාලනයට පිවිසිමට අදහස් කළ බව ඔහු කියා තිබේ.
පාර්ලිමේන්තුවේ ආසන 480 ක් සඳහා තරග වදින අපේක්ෂකයන් 1504 අතරින් වයස්ගතම පුද්ගලයා වන ඔහු පවසා ඇත්තේ දුබල ජනතාව වෙනුවෙන් ඔහු මැතිවරණය තරග කරන බවය.
තවද කොන්සර්වැටිව් මතධාරී හිටපු අගමැති ෂින්සෝ අබේ හා හිටපු ටෝකියෝ ආණ්ඩුකාර‍ ෂින්තාරෝ ඉෂිහාරා වැනි දක්ෂිණාංශිකයන් සම්බන්ධයෙන් ඇතිවූ කණස්සල්ල ද විශ්‍රාම දිවියෙන් ඉවත්ව ක්‍රියාකාරිකයකු බවට පත්කිරිමට හේතුවූ බවද ඔහු කියා තිබේ.
දෙවනලෝකයුද්ධයේදී යුද සෙබළකුලෙස ඊට සහභාගි වූවකු වන ඔහු පවත්නා තත්ත්වයට ඉඩදී සිටිමෙන් සිය මිය ගිය සගයන්ට වරදක් කළාය යන හැඟිමක් ඇතිවන්නේයැයි කියා තිබේ.
මේ නිසා සිය ඉතිරිකිරීම්වලින් යෙන් මිලියනයක් (ඩොලර් 36000 ) ක් ලබාගෙන මැතිවරණ අපේක්ෂක ඇප මුදල ලෙස තැන්පත් කළ බවත් එම මුදලු සිය අවමගුල් කටයුතු සඳහා විශ්‍රාම වැටුපෙන් ඉතිරි කරගත්මුදලක් බවත් ඔහු කීවේය.
 "අවංකවම කතා කළොත් මා ජයග්‍රහණය නොකරන බව දන්නවා. ඒත් මට අවශ්‍ය මගේ පණිවුඩය රටට දෙන්නයි 'යනුවෙන්ද ඔහු ප්‍රකාශ කරන්නේ ජපානයේ මෙම ගමන වැලැක් වීමටයි.

No comments:

Post a Comment