Saturday, December 15, 2012

ගලබොඩ ඥානේෂ්වර හිමියන්ගේ උපන් දිනය මහ ඉහලින් සමරයි


69 වන ජන්ම දිනය ගංගාරාමාධිපති පූජ්‍ය ගලබොඩ ඥානේෂ්වර හිමියන් මහ ඉහලින් සැමරුවෝය. රටේ ඉහලම පුරවැසියන් ඊට සහභාගීවිය. මීට සහභාගීවූ ජනපති මහින්ද රාජපක්ෂ මහතා උන්වහන්සේට අටපිරිකර පූජා කරමින් දීර්ඝායුෂ ප්‍රාර්ථනා කලහ. ශිරන්ති රාජපක්ෂ මහත්මියද මීට සහභාගී වූවාය. බැසිල් රාජපක්ෂ හා ගෝඨාභය රාජපක්ෂද මීට සහභාගීවූ අතර ගෝටාභය රාජපක්ෂ මහතා ගලබොඩ ඥානේෂ්වර හිමියන්ට උපන්දින තිළිණයක්ද රැගෙනවිත් තිබුණි.

ත්‍රයිනිකායික මහ සගරුවනද මීට වැඩම කල අතර උන්වහන්සේලාට දානය පිලිගැන්වුනි. මීට අමතරව බන්දුල ගුණවර්ධන මහතා එච්.එම්. චන්ද්‍රෙස්න මහතාද ඊට සහභාගීවීය. පුරාවිද්‍යා චක්‍රවර්තී එල්ලාවල මේධානන්ද හිමියන්ද මෙම අවස්ථාවට සහභාගී වී සිටි අතර පුද්ගල හමුවීම් සා සතුටු සාමීචියේ යෙදෙමින් සිටිනු දැක ගත හැකි විය. මෙහි පිලිගැන්වූ දානමය කොටස් හා උත්සව සංවිධාන කටයුතු වලට ඉහලම මුදලක් වැය කොට තිබීමද විශේෂත්වයකි.


අනිත්‍ය විශ්වාස කරන අයෙකුට උපන්දිනය වැදගත් වන්නේ කෙසේද?  ඉපදීම දුකක් වූ ධර්මයක එම දිනය වැදගත් වන්නේ කෙසේද? නමුත් ධනපති දෘෂ්ටිවාදයේදීනම් මෙවැනි උත්සව සංවිධානය කල යුතුය. මක්නිසාද තමන්ගේ පැවැත්ම හදා ගැනීමටයි. නමුත් බෞද්ධ භික්ෂුවකට මෙවැනි මහේක්ෂ ජීවිතයක් කුමටද? ලෞකික ජීවිතය ප්‍රතික්ෂේප කරමින් එහිම අගයන් ජීවිතයට එක් කර ගන්නේ ඇයි? ගිහි ජීවිතයේ ඇති නිස්සරකම අවබෝධ කොට ගත්තනම් නැවත සිවුරක් දමාගෙන එම ක්‍රියාවලියේම නිරත වන්නට හැකියාව ලැබී ඇත්තේ ධනපති දෘෂ්ටිය රජ කරවීමට මේ භික්ෂුන්ද හරි හරියට මහන්සිවන බැවිනි. මේ සරල කරුණු පිලිබද අපට ගැටලුවක් මතු වූ නිසා අප බෞද්ධ හිමි වරුන් කිහිප නමකගෙන්ම ප්‍රශ්ණ කල අතර ඔවුන් අපට පැවසූවේ කවුරු හරි කලා බීලා ඉන්වාට ඉරිසියා නොකරන ලෙසත් ඉපදීම දුකක් නම් ඒ දුක ආරම්භවූ දිනය සැමරීමේ වැරද්දක් නැති බවත් නමුත් එදින හැදි ගෑරුප්පු වලින් දානේ දීලා උපන්දින සමරු ලබාගන්නවානම් වැරැද්දක් ඇති නමුත් මේවා දෙස උපේක්ෂාවෙන් බැලීමට පුරුදුවන්නේ නම් ඉදිරියේදී මේවා ගැටලු නොවන බවයි.

No comments:

Post a Comment