Saturday, December 15, 2012

මහා සංගීතවේදී රවී ශංකර් මිය යයි


ඇමෙරිකා එක්සත් ජනපදයේ ජීවත් වූ රවි ශංකර්, කැලිපෝනියාවේ පිහිටි සිය නිවස අසළ රෝහලකදී දිවියෙන් සමුගන්නා විට ඔහුගේ වයස අවුරුදු අනූ දෙකයි.
හුස්ම ගැනීමේ අපහසුවකින් පසුවූ රවී ශංකර් පසුගිය සතියේ සන්දියාගෝ නගරයේදී හදවත් සැත්කමකට භාජනය කරනු ලැබයි සිටියේ.

ඉන්දීය රාගධාරී සංගීතයේ වාද්‍ය භාන්ඩයක් වන සිතාරයේ මිහිරි හඬ ලොවට අසන්නට අවස්ථාව උදාකළ රවි ශංකර්, "ද බීට්ල්ස්" වැනි ජාත්‍යන්තර මට්ටමේ බටහිර සංගීත කණ්ඩායම් සමඟද වාදනය කළ මහා ගාන්ධර්වයෙක්.

No comments:

Post a Comment