Friday, December 14, 2012

පොදුරාජ්‍ය මණ්ඩලීය රටවල් තවමත් ශ්‍රී ලංකාවට බලපෑම්


ශ්‍රී ලංකාවේ නීතියේ ආධිපත්‍යයට ගරු කරන මෙන් පොදුරාජ්‍ය මණ්ඩලීය විනිසුරුවරුන් ඇතුළු සංවිධාන ගණනාවක් යලිත් වරක් අවධාරණය කරති.
අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායකට එරෙහි දෝෂාභියෝග විමර්ශනය පිළිබඳව ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරන පොදුරාජ්‍ය මණ්ඩලීය මහේස්ත්‍රාත් සහ විනිසුරුවරුන්ගේ සංවිධානය, පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිවේදීන්ගේ සංගමය සහ පොදුරාජ්‍ය මණ්ඩලීය නීති අධ්‍යාපන සංගමය පවසන්නේ අදාළ
විමර්ශනයේදී පොදුරාජ්‍ය මණ්ඩලීය ප්‍රතිපත්ති නොසලකා හැරීම පිළිබඳව සිය දැඩි අවධානය පලවී ඇති බවයි.
දෝෂාභියෝග විමර්ශනය පිළිබඳව ජාත්‍යන්තර ජූරි සභිකයන්ගේ කොමිසම පසුගිය දෙසැම්බර් 10 වැනි දින නිකුත් කළ නිවේදනය තමන්ද අනුමත කරන බව පවසන එම සංවිධාන, තත්ත්වය පිළිබඳව පොදුරාජ්‍ය මණ්ඩලීය මහ ලේකම්වරයා දැනුවත් කිරීමටද දැනටමත් කටයුතු කරන ලද බවද සඳහන් කරයි.
"තමන්ගේම අහඹු ක්‍රියාකලාපය" මගින් සහ විනිශ්චයකාරවරුන් පදවියෙන් ඉවත් කිරීම පිළිබඳ නිසි ව්‍යවස්ථානුකූල ක්‍රියා පටිපාටිය "පිළිපැදීමට අපොහොසත්වීම" මගින් ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව නීතියේ ආධිපත්‍යය සුරැකීම පිණිස අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීමේ මූලික සිද්ධාන්තය පවා "බරපතල ලෙසින් යටපත් කොට තිබෙන" බවයි, පොදුරාජ්‍ය මණ්ඩලීය මහේස්ත්‍රාත් සහ විනිසුරුවරුන්ගේ සංවිධානයේ සභාපතිවරයා පවසන්නේ.

No comments:

Post a Comment